IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්දයක් වෙනුවෙන් විපක්ෂය සමඟ එක්ව සටන් කරනවා

(නිමල කොඩිතුවක්කු)

විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම්  සමඟ ඒකාබද්ධ වී ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි සියලුම පියවර ගන්නා බව නිදහස ජනතා සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතා කොළඹදී පැවසීය.

පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ශේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

2023 වසරේ මාර්තු වන විට පළාත් පාලන ආයතන 340 ම ස්ථාපිත කර අවසන් කළ යුතු බැවින්  ඒ සඳහා රජය සහ මැතිවරණ කොමිසම අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ගත යුතුව ඇතැයි ද නිදහස ජනතා සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.



අදහස් (3)

ඡන්දයක් වෙනුවෙන් විපක්ෂය සමඟ එක්ව සටන් කරනවා

siri Monday, 12 December 2022 08:46 PM

විලි ලැජ්ජාවක් නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියලනේ... ජනවහරේ තියෙන්නේ...

:       2       1

Saththaya Monday, 12 December 2022 09:47 PM

දැන්වත් පෙන්ශෝන් යන්නකෝ, තවත් මේ සුන්දර ශ්‍රී ලංකාව කන්නේ නැතුව... වෙන කන්න දෙයක් ඉතුරු වෙලා නැහැනේ...

:       1       0

විපරමා Monday, 12 December 2022 11:00 PM

එහෙට මෙහෙට පැන පැන බලයේ ඉන්ඩ හදපු කෙනෙක්. මහින්දගේ කාලේ ඔහුගේ බලය රැකගන්ඩ කියපු කරපුවා අපි නොදන්නවා නෙවෙයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site