IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඡන්දයක් ගන්න හැටි ජනපති ද්‍රවිඩ මන්ත්‍රීන්ට කියයි

(අංජුල මහික වීරරත්න)

බලය බෙදීම වෙනුවෙන් පෙනී නොසිටියත් මැතිවරණයක් ලබා ගැනීම සඳහා තමන් තදින්ම ඉදිරිපත්ව සිටින බව ද්‍රවිඩ  ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කළහ.

මේ අවස්ථාවේදී තමන්ට අවශ්‍ය කරන්නේ බලය බෙදීමක් නොව ඡන්දයක් යැයි ද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ වැඩිදුරටත් කියා සිටියහ.

ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් එම කරුණු සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා කරනු ලැබූ දැනුම් දීමකට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එම හමුවට සහභාගී වූහ.
බලය බෙදීම තමන්ගේ කටයුත්තක් නොව එය රජයේ කටයුත්තකැයි සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරු කියා සිටියහ.

ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඡන්දයක් ගැනීම කළ යුත්තේ තමන් නොව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවයි.



අදහස් (2)

ඡන්දයක් ගන්න හැටි ජනපති ද්‍රවිඩ මන්ත්‍රීන්ට කියයි

swene Tuesday, 16 May 2023 09:06 PM

මේ ජනපති නම් මොනවා හරි කියන්න දක්ෂයි. ඉකුත් පළාත් පාලන චන්දයට සල්ලි නොදුන්නේ එයා නෙවෙයිද?

:       1       1

සාර්කැස්ටික් Wednesday, 17 May 2023 07:25 AM

රනිල් ගේ පංතිය දොබෙන් පරදිනවා බව දැනගෙන චන්දය කල් දාන්නේ . අපි නොදන්න මොණර තැන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site