(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද හෙටම ලිපියක් යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ලංකාදීපයට පැවැසීය.
දැනට ලැබී ඇති මුදල්වලින් මැතිවරණයට අදාළ මූලික කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ප්‍රමාණවත් මුදලක් නොලැබුණහොත් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මේ අතර කොමිසමේ වෙනත් නිලධාරීහු පිරිසක් පැවසූහ.
මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඉකුත් මාසයේදී ලැබුණු බව එම කොමිෂන් සභාව පවසයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූලික යෙදවුම් සඳහා ටෙන්ඩර් පත් දැනටමත් කැඳවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා දැනුම් දුන් අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණය සඳහා මුදල් ලබාදීමට හැකියාවක් නැති බවයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට මුදල් ඉල්ලා මැකෝගෙන් මුදල් ලේකම්ට ලිපියක්
nanda Tuesday, 24 January 2023 05:53 AM
ලොකෙට බංකොලොත් නයකයන්ගෙන් අමුතු අදර්ශයකක් " මුදල් නෑ අපිම දිගටම ඉන්නම් කියල"
විජිත් Tuesday, 24 January 2023 06:45 AM
මෙතන නීති ප්‍රශ්නයක් තියෙනවා.... අයවැයෙන් ඡන්දෙට මුදල් වෙන්කළා. එතකොට ඒ මුදල් ස්ථාවරව තිබිය යුතුයි. දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම් කියනවා මැතිවරණයට මුදල් නැහැ ' කියලා. ඒ කියන්නේ.... "අයවැය " කියන්න බොරුවට එහෙන් මෙහෙන් අතගාලා හදපු ලේඛනයක්ද....? මුදල් අමාත්‍යංශයේ ලේකම් අනිවාර්යයෙන්ම අයවැය සැදීමට සහභාගිවෙනවා. දත්ත ලබා දෙන්නෙත් මොහුයි.
ජගත් ලියනගේ Tuesday, 24 January 2023 08:09 AM
ඔබතුමාට සල්ලි නැත්තං වැඩිය වද වෙන්න එපා . ඡන්ද දායකයෝ රුපියල් 10/- ගානේ එකතු කරල දෙන්න කියල අපි, ඡන්දෙ ඕන කියන දේශපාලන පක්ෂ දෙකට කියන්නං.
sharm warn Tuesday, 24 January 2023 08:59 AM
පොඩ්ඩක් ඉන්නක්... අපි මේ බදු ගෙවන ගමන්.
fairoos Tuesday, 24 January 2023 01:39 PM
අනේ මේ කාලකන්නි ආණ්ඩුවේ බොරු.දැන් චන්දයක් ආවොත් හොරුන්ට හෙළුවෙන් තමයි දුවන්න වෙන්නේ .ඒකයි මොනවාහරි කියලා චන්දය කල්දාගන්න හදන්නේ