IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


චීන කාබනික පොහොර නෞකාවට තහංචියක්?

(යොහාන් භාසුර)

විවාදයට තුඩුදී තිබෙන චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම නෞකාවට වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජයෙන් දැනුම්දී ඇති බව කී එම උසස් නිලධාරියා එයට හේතුවක් නොදන්නා බව ද සඳහන් කළේය.

එම නැව කුමන ස්ථානයක තිබේද යන්න නොදන්නා බවත් කොළඹ වරාය සීමාවට මේ දක්වා පැමිණ නොමැති බවත් එම උසස් නිලධාරියා කීය.

මෙම නැවේ ගබඩා කරඇති කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා පරීක්‍ෂණ අංශ ප්‍රතික්ෂේප කිරීම නිසා මීට පෙර හරවා යැවූ අතර නැවත එම නැව ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවට මීට පෙර වාර්තා විය.

 



අදහස් (11)

චීන කාබනික පොහොර නෞකාවට තහංචියක්?

Nuwan Saturday, 23 October 2021 08:55 PM

මේක පුදුම වැඩක්නේ. විස අසූචි පොහොර බලෙන්ම අපේ පොළොවට දාන්න චීනා දඟලන්නේ?

:       0       3

Ajit Saturday, 23 October 2021 09:06 PM

කොළඹ වරායට එන්න එපා කියලා තියෙන්නේ හැබැයි හම්බන්තොට වරායේ බායිද දන්නේ නැහැ.

:       0       3

Perera Sunday, 24 October 2021 12:43 AM

මේ ඔක්කොමලා කියන්නේ බොරු. රැවටෙන්න එපා.

:       0       5

Royfedricks Sunday, 24 October 2021 04:06 AM

මේව මේ මිනිස්සු රවටන්න කියන බොලද කතා. චීනට තන්චි දාන්න මේ පාලකයෝ හීනෙන්වත් හිතන්නෙ නැහැ. මේ මිලදී ගන්නෙ චීන වැසිකිලිවල අශූචි බව පැවසෙනවා. චීනාට රට විකුනලා උගේ අශූචිත් අපට කවනවා.

:       0       5

Demuni Uduwara Sunday, 24 October 2021 04:42 AM

අදාළ පොහොරම පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස විශේෂඥයෝ අවධාරණය කරති!

:       0       5

kamal Sunday, 24 October 2021 08:34 AM

අන්තිමට ප්‍රමාද ගාස්තුත් අපිම ගෙවා ඇතුල්වීමට ඉඩ දෙයි.

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 October 2021 08:37 AM

කොහොමද වැඩේ. චීනා දැන් පටන්ම අපට බලපෑම් එල්ල කිරීමට තරම් ඉහළ ගොස් ඇතිබව නේද මෙයින් ගම්‍යමාන වෙන්නේ .. ?

:       1       11

Jayampathi Sunday, 24 October 2021 09:20 AM

බලෙන් ආවොත් අපි මොනවද කරන්නේ? දැන් රටෙහි ජාතික ආරක්ෂාවක් තියෙනවාද.?

:       0       5

De Sunday, 24 October 2021 09:41 AM

සමිත, එයාලා සල්ලි දීලා ගත්ත රටට එයාලට ඕනි බඩු ගෙන්න බැරිද.?

:       0       7

bimal Sunday, 24 October 2021 12:13 PM

දැන්ද දන්නේ? බොරු සෝබන සංවර්ධනයට ලංකාව උගස් තියනකොට හොඳයි, දැන් නරකයි

:       0       2

fairoos Sunday, 24 October 2021 12:19 PM

සර් ෆේල් කියන්න කවුරුත් නැද්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site