
(අංජුල මහික වීරරත්න)
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදුවිය.
සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැක ගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.
ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බවද පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
චීනයේ රෙකෝඩ් කරගන්න කියලා බොරු පුම්බන අය ජීවත්වෙන පළාතක් නැද්ද?
සංස්කෘතික උරුමය රැක ගනිමින් පිබිදෙන චීනයේ සතුටුම චන්ද්‍ර නගරයට ගියපු අපේ මහා චේතිය නම් ආපු ගමන් කලේ ජයමංගල ගාථා ටික අහෝසි කරලා දාපු එක... අම්මපා මොනරවිල ඔහේ සට්ටැඹිකම රස්සාවටද කරන්නේ?
අර බස් බෙදපු හාදයකු මේ වගේ රටවල නගර සභා අපේ නගර සභා ප්‍රාදේශීය සභා එක්ක මොකක්ද මන්දා සම්බන්ධ කරනවා කිව්වේ මේ වගේ වෙන්න බැරිද..?
පෝට්සිට් එක එහෙම විවේචනය කළ හැකියි, ලංකාව චීන බලපෑම් යටතට ගන්න හැටි කට උල්කර කර ඒ දවස්වල කියපුවා කට්ටිය කාටත් මතක නෑ වගේ. මොකද බොහෝ මාලිමා සරණ ගිය අය එහි අසූචිද සුවඳ කොට දකී. එවන් අන්තවාද වල කිසිවෙකුත් සිටිය යුතු නැත. මොන දේශපාලකයාත් ඒ හැටි විශ්වාස නොකොට රට ගැනම සිතීමයි සාමාන්‍ය ජනතාව කළ යුත්තේ...!
වසරේ හොඳම හෝදන්නෝ අතරට අරවින්ද, සෙනවිරත්න සහ බද්‍රානි තේරීපත් වී ඇත .