IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චෙස් ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වේ

(එම්.සුසිල් පියන්ත සහ ඥාණදාස රම්මුතු)

හික්කඩුවේ හෝටලයක පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියකට සහභාගී වෙමින් සිටින දෙස් විදෙස් චෙස් කීඩක,කීඩිකාවන් අතරින් සිය දෙනකු හදිසියේ රෝගී වී ප්‍රතිකාර ලබා දුන් බව හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක පසාද් මහතා පවසයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ආදි චෙස් කීඩක සංගමය දස වැනි වරටත් සංවිධානය කළ මේ චෙස් තරගාවලිය මැයි 26 සිට 30 දක්වා පැවැත්වෙන අතර දෙස් විදෙස් චෙස් කීඩක,කීඩිකාවෝ 650ක් පමණ තරගාවලියට සහභාගීවී සිටිති.

තරගාවලිය ආරම්භක දින දෙක ඇතුළත මේ තරගාවලියට සහභාගීවූ චෙස් කීඩක,කීඩිකාවන්ට හදිසියේ උදරාබාධ, වමනය යාම වැනි රෝග ලක්ෂණ පහලවූ බවත් ඒ සියලුදෙනාම ප්‍රතිකාර සදහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක ප්‍රසාද් මහතා කීය.

රෝගී වූ කීඩක,කීඩිකාවන්ගෙන් දෙදෙනකු තවමත් එම රෝහලේ නේවාසිකව පතිකාර ලබන බවද පසාද් මහතා කීය.

සමහර කීඩක,කීඩිකාවන් මේ අසනීප තත්ත්වය හමුවේ තරගය නතර කර දමා නිවෙස්වලට ගොස් සිටින බවද පසාද් මහතා කීය.

හෝටලයෙන් ලබාදුන් ආහාර හෝ ජලය නිසා මෙම තත්ත්වය හට ගන්නට ඇතැයි ද සෞඛ්‍ය අංශ සැක පළ කරයි.

මෙම හෝටලය සදහා පානීය ජලය සපයන වතුර ටැංකි පහම වසා නොමැතිව තිබූ බවත් එම නිසා මේ වතුර ටැංකිවලට සතුන් වැටී නරක් වන්නට ඇති බවත් පසාද් මහතා කීය.එමෙන්ම මේ හෝටලයේ කෑම පිසින මුලුතැන්ගෙයද දැඩි අපිරිසිදු තත්වයේ පැවති බවත් මේ සියලු කාරණා ගොනු කොට මේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කළ බවත් ප්‍රසාද් මහතා කීවේය.

 

 



අදහස් (0)

චෙස් ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site