IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (22) කළ යාවත්කාලීන කිරීමට අනුව චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 773 ක් හිමිකරගෙන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියාය.

චමරි පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 රැස්කිරීමට පෙර පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුවූවාය.

චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය.

එංගලන්ත පිතිකාරී නතාලි සීවර් ප්‍රසාද ලකුණු 764 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරා වොල්වාර්ඩ්ට් ප්‍රසාද ලකුණු 718 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.  



අදහස් (2)

චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි

නිමල් Tuesday, 23 April 2024 03:23 PM

සුබ පැතුම්!

:       2       91

Nimal Tuesday, 23 April 2024 03:41 PM

ඇය එය කළා... සුබ පැතුම් චමරි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 104 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 244 0

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 199 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා
2024 මැයි මස 03 146 0

මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.


සිලෝන් ටී” නමට නොසලකන හාම්පුතුන් ගැන ලැජ්ජයි
2024 මැයි මස 03 410 2

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයට


කැකිරාවේ කිරි සමාගමකට සීල් තබයි
2024 මැයි මස 03 1051 2

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 469 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1686 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site