(කුෂාන් ජයවර්ධන)
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු පියවර ගත්හ.
අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කෙරේ.
අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රදේශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර එම නිෂ්පාදනයන්හි තත්ත්වය පිළිබදව පාරිභෝගිකයින්ගෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලැබී තිබූ පැමිණීලි අනුව එම ස්ථානය වටලා පරීක්ෂා කිරීම සිදු කෙරිණ.
එහිදි ආදාල නිෂ්පාදන ආයතය තුළ ආහාර ස්වස්ථතා රෙගුලාසී උල්ලංඝනය කරමින් කටයුතු සිදු කෙරෙන බවට නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.
එම කර්මාන්ත ශාලාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය, නිෂ්පාදන අංශය, ගබඩා, ශීත කාමර, අමුද්‍රව්‍ය ගබඩා, අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන ඇතුළු සියල්ල මෙහිදී නිලධාරීන්ගේ විමර්ශනයට ලක්විය.
එහිදී නිලධාරීන් විසින් එම ආයතන පරිශුය මෙන්ම නිෂ්පාදන කටයුතුවල සෟඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, කර්මාන්ශාලාවේ නිෂ්පාදන අංශයේ කටයුතු අවිධිමත් හා අපිරිසිදු භාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළිබදවත් මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු විය.
අදාළ කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍යවල මැස්සන් ආදී සතුන්ද සිටින බවට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.
මේ අතර එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පිළීබදවද වටලෑම් නිලධාරීන්ගේ අවධානය යොමු වූ අතර එහිදී විවිධ චර්ම රෝග සහිත සේවිකාවන් ද මෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ඇති බව ද මෙහිදී නිලධාරීහු අනාවරණය කර ගත්හ.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැකිරාවේ කිරි සමාගමකට සීල් තබයි
Nishantha Friday, 03 May 2024 07:26 PM
ආයතනයේ නම දැම්මත් හොඳයි...
Saman Friday, 03 May 2024 08:28 PM
මරදන්කඩවල තියෙන්නේ එකයි. හිමාලි එක...!
Nandalal DE SILVA - France Friday, 03 May 2024 10:42 PM
නිශාන්තගේ පැනට සමන් දිපු පිලිතුරෙන් සැහිමකට පත්වෙන්න පුළුවන්ද ?
banda Saturday, 04 May 2024 11:58 AM
නම දැම්මා නම් මහජනයා ඒ අයගේ භාණ්ඩ මිලදී ගන්නේ නෑ. දඬුවම ඒකම ඇති.