IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීන යාලුකම පවතින්න හේතුව ජනපති කියයි

(අංජුල මහික වීරරත්න)

චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ ඇති අපූර්වත්වය වන්නේ දෙරටේ පරමාර්ථයන්ට අනුගතව හා අනුකූලව දෙරටම සෑම විටම කටයුතු කර තිබීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනය "එක් තීරයක් එක් මාවතක්" යෝජනාව ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට සුබ පැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි.

චීන මාධ්‍ය සමූහයේ ආසියා සහ අප්‍රිකා භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය සමග සහයෝගීත්වයෙන් "එක් තීරයක් එක් මාවතක්" යෝජනාව ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය මෙන්ම "සේද හරසර" රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ 5 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විද්වත් සංවාදය කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහත්වරු මෙහි ප්‍රධාන ආරාධිතයෝ වූහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය සුගත් සෙනරත්, ක්වාලාලම්පූර් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ,පදනම් අයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ට මහත්වරු දෙසුම් පැවැත්වූහ.



අදහස් (0)

චීන යාලුකම පවතින්න හේතුව ජනපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site