IMG-LOGO

චීන තානාපති මහා නාහිමිවරුන් බැහැ දකියි

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන තාවකාලික ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා චීන රජයේ  සහයෝගය අඛණ්ඩ හිමිවන බව චීන තානාපති චී ෂෙන්හොං මහතා මහනුවර දී පැවසීය.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මේ බව අවධාරණය කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ මේ වන පවතින ආර්ථික අර්බුදය එක් රැයකින් නිමා නොවුණත් කෙටි සාධාරණ කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ඉන් මිදීමට හැකියාව පවතින බව චීන රජයේ විශ්වාසයයි .

චීන රජයේ සහයෝගිතා ආධාර ප්‍රදානයට අමතරව චීන බෞද්ධ සංගමය මගින් මෙරට විහාරස්ථාන හා බුදු දහමේ පුනර්ජීවනය උදෙසා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කොට තිබෙනවා .

ශ්‍රී ලංකාව තුළ විවිධ වෙනස්කම් සිදු වුවත් ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තුළ කිසිදු වෙනස්වීමක් සිදු වූයේ නැහැ. දෙරට අතර දී ද්විපාක්ෂික සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගැනීම චීන රජයේ අරමුණයි . පවතින අසීරු තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බව අපගේ විශ්වාසයයි . එය සඳහා චීන රජයේ නොමද සහය පළ කරන බවද තානාපති වරයා වැඩිදුරටත් පැවසීය .



අදහස් (1)

චීන තානාපති මහා නාහිමිවරුන් බැහැ දකියි

de silva Sunday, 28 August 2022 03:45 PM

අපට මේ අවස්ථාවේ උදව් කරනවා නම් අපි චීනෙන් ගත්තු ණයවල පොළිය අඩුකර ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න සහයෝගය දෙන්න. වෙන දේවල් නිකන් අවශ්‍ය නැහැ.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site