IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චීන ගෙවල් වැඩ මාර්තුවේ අරඹයි

(අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 මාර්තු මස මුලදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කීය.

ඊට පෙර මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු චීන රජයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය.

වසර තුනක් ඇතුලත  ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක්  කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරේ. 

ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරෙන අතර  කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108 බව අමාත්‍යාංශය කියයි.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි. 



අදහස් (0)

චීන ගෙවල් වැඩ මාර්තුවේ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site