චීනයේ බිහිසුණු අයුරුන් ව්‍යාප්ත වන, ‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ ඉන්දියාවට ද ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ සැලකිල්ලට ගනිමින්, කඩිනමින් චීනය සමඟ ගුවන් ගමන් අත්හිටවිය යුතු යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානී මනීෂ් තිවාරි මධ්‍යම රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.
‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ හේතුවෙන් රටවල් රැසක ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්වීම සැලකිල්ලට ගනිමින් කොවිඞ් රෝගය පාලනය කිරීම සඳහා හඳුන්වා දී තිබුණු සෞඛ්‍ය නීති සහ සීමා නැවත ගෙන ඒමට මධ්‍යම රජය කටයුතු කළ යුතු බව ද මනීෂ් තිවාරි වැඩි දුරටත් පවසා තිබේ.
මේ වන විට සමාජ මාධ්‍ය ජලා හරහා ද යළි කොවිඞ් රැල්ලක් පැමිණේවි යැයි බියක් පැතිරීම හේතුවෙන් ඉන්දීය ජනතාව චීනයේ සිට පැමිණෙන ගුවන් ගමන් අත් හිටුවිය යුතු බවට මත පළ වීමට ද පටන් ගෙන තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන්, ජනතාව ගුවන් ගමන් හැකි ඉක්මනින් නතර කරන ලෙස ඉල්ලීමක් කළත් තවමත් මධ්‍යම රජයෙන් මේ පිළිබඳ නිල වශයෙන් තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් ජාත්‍යන්තර මගීන් අහඹු ලෙස පරික්ෂා කිරීම ඉන්දීය රජය නැවත වරක් තීරණය කර ඇතැයි ද එරට රජය පවසා තිබේ. ඉන්දියාවට පැමිණෙන ජාත්‍යන්තර මගීන් සියලු දෙනා කොවිඞ් පරික්ෂාවකට යොමු කිරීමටද මාධ්‍යම රජය තීරණය කිරීමට ඉඩ ඇතැයි ද ආරංචි මාර්ග පෙන්වා පවසා ඇත.
‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ චීනයෙන් සහ ඉන්දියාවෙන් පමණක් නොව, ඇමෙරිකාවෙන්, මහා බි්‍රතාන්‍යයෙන්, බෙල්ජියමෙන්, ජර්මනියෙන්, ප්‍රංශයෙන් සහ ඩෙන්මාර්කයෙන් වාර්තා වී ඇත. තද උණ, කැස්ස, උගුරේ සහ පෙනහළු ආසාදන ආදිය කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදයේ රෝග ලක්ෂණ වන අතර, රෝග ලක්ෂණ මතු වන සැණින් ප්‍රතිකාර ලබා ගතහොත් වයිරසයෙන් මිදීමට හැකි බව වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම බව ද පැවැසෙයි.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)
034
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීන කොරෝනා ප්‍රභේදය ඉන්දියාවටත්
මහසෙන් Friday, 23 December 2022 02:56 PM
අලුත් අවුරුද්දට මාස්ක් එක ගලවලා නිදහසේ හුස්මක් ගන්න හිටියේ... නොමිලේ ලැබෙන්නේ එච්චර නිසා. මදැයි කලා...