
( තිළිණි ද සිල්වා )
මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් ජාතික ශාක නිරෝධායන සේවය වෙත නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය මේවන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටී.
ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණි.
එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉදිරියේ දී ලැබීමට නියමිතව තිබේ.
අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකළ පරීක්ෂණයකින් තහවුරු වීමත් සමග චීන සමාගමක් විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.
කෙසේවෙතත් කාබනික පොහොර සහිත “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති බව වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන එන්තරවාසිය ගැන නීතිපතිගේ උපදෙස් පතයි
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 November 2021 02:21 PM
අපේ රටේ ජාතික ශාක නිරෝධායන සේවය කියනවා නම්, චීන පොහොරවල බැක්ටීරියා අඩංගුයි කියලා අපට එම පොහොර අවශ්‍ය නැහැ. අනිත් කාරණය මේ නැවේ නම වෙනස්කොට වෙනත් නමකින් ආපු කතාවක් තිබුණා මතකයි. චීනා මිනිස් අසූචි මිශ්‍ර පොහොර නිපදවන බවට නොයෙකුත් ආරංචි තියෙනවා. අපේ නීතිපති තුමාට මේ වැනි දේ ගැන සොයා බලා කරුණු කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ජනපතිතුමාට 2/3 බලයක් ලබාදී තිබෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට කෙලින් තීරණයක් ගන්න. කෝ ඒ වුණාට මේවා නොදන්නවා වගේනේ ඉන්නේ.
පිටිගල මිලානෝ Saturday, 13 November 2021 07:19 PM
2/3 බලයක් දීලා පත්කරන්න තිබුණේ සරත් ෆොන්සේකාව... නැතුව මෙහෙම බය කෙනෙක්ව නෙවෙයි.
gaminu Saturday, 13 November 2021 09:52 PM
මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව මේ වනවිට වටේම ගමන් කරමින් සිටියි. යම් හෙයකින් කාර්මික දෝෂයක් නිසා නැවත පෙර නැව මෙන් ගිනිගැනීමක් හෝ තෙල් කාන්දුවක් ඇති වුවහොත් වගකීම බාරගන්නේ කවුරුන් විසින්ද කියා රජය පැහැදිලි කරන්න...
ගමේ එකාලා Sunday, 14 November 2021 03:47 PM
නීතිපතිටත් වැඩිය බලය තියෙන්නේ රටේ ජනාධිපතිටනේ. චීන්නු එක්ක ගනුදෙනු කරන උදවියටම බැරියැ ඔය ප්‍රශ්නේ විසඳගන්න. හත් පොළේ ගාගෙන දැන් කරකියාගන්න දෙයක් නැතුව ඇති...
sampath Tuesday, 16 November 2021 12:14 AM
චීනා අපිව බය කරලා ඉන්දියාවෙන් පරිප්පු දාපු ක්‍රමයට.