IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


චීන - ආසියා ප්‍රදර්ශනයේ ලංකාවට ලොකු තැනක්

(අංජුල මහික වීරරත්න)

චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමා‍ත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ නියෝජිතයෝ සහභාගී වූහ.

9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී අද ආරම්භ විය. 

මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි.  ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයෝ 100 ක් පමණ මෙවර සහභාගී වී සිටිති. මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රුසක් ඊට අයත්ය.

ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි. 

එම ප්‍රදර්ශනය මෙම වසරේ පැවැත්වෙන චීනය හා දකුණු ආසියානු රටවල් අතර වැදගත් ම ආර්ථික සහ වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් ලෙස සැලකේ. චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා එහි සමාරම්භක උත්සවයට ‍එක් ‍වෙමින් දේශනයක් කළේය.



අදහස් (0)

චීන - ආසියා ප්‍රදර්ශනයේ ලංකාවට ලොකු තැනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 199 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 400 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site