IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චීන ආර්ථිකය සැලසුම් කරන ලොකුම සැසිය ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

චීන ජාතික මහජන කොංග්‍රසයේ 14 වන සැසිවාරයේ පළමු සාකච්ඡා වටය අද (5) ඇරැඹිණි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට සහභාගී වූහ.

මෙවර සැසිවාරයේදී චීනයේ නව ජාතික ආයතන මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ.

දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිත ය.

පසුගිය වසරේ චීනය සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා එම සැසිවාරයට එක්වෙමින් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය.

පසුගිය වසරේ චීන ආර්ථිකයේ ස්ථාවරත්වයක් පැවති බව ද ලී ක ච්‍යං මහතා කීය. සංවර්ධන ගුණාත්මක භාවය ස්ථිර අයුරින් ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බව හෙතෙම කියා සිටී. 2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3%කින් වර්ධනය වී ඇත. නගර හා උප නගර වල පුද්ගලයින් මිලියන 12.06ක් සඳහා නව රැකියා අවස්ථා හිමි විය. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී සංකීර්ණ පරිසරයක වසරේ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම සහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ද ඊට ඇතුළත්ය.

 



අදහස් (0)

චීන ආර්ථිකය සැලසුම් කරන ලොකුම සැසිය ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site