(විමුක්ති එස් රුද්‍රිගු)
පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු යැයි නිර්දේශ කර ඇති වසර 10 ණය ආපසු ගෙවීම අත් හිටුවීමේ කාල සීමාව වෙනුවට චීනයේ එක්සිම් (අපනයන - ආනයන) බැංකුව මෙරටට ලබා දී ඇත්තේ වසර දෙකක කාලයක් වීම හේතුවෙන් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය වසර 15 ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි නිර්දේශ කර තිබෙන බවද ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
එසේම ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් සමාජයේ නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දෙන බව දැනටමත් ලිඛිතව දන්වා අවසන් බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයට සහය දැක්වීමට ඉන්දියාව තීරණය කරමින් වසර 10 ක ණය ආපසු ගෙවීමේ කාල සීමාව අත් හිටුවීමක් සහ වසර 15 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල සීමාවක් ලබා දීමට තීරණය කර ඇතැයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
චීන එක්සිම් බැංකුවේ කොන්දේසි හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වේදනාවන් තවත් ඉදිරියට දිග් ගැස්සී යාමට අවස්ථාවක් තිබෙන බවද එම පුවත්පත පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය වන්නේ ස්වෛරී හිඟ මුදල් පිළිබඳ ප්‍රතිපත්ති මත මෙරටට ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වීම බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ වසර දෙක අයි.එම්.එෆ් ණයට ගැටළුක් ද?