(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවත්, එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවත්, චීනය යෝජනා කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ අවස්ථාවේ ණය ගෙවීම අසීරු බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ශ්‍රී ලංකාව ණය හිමියන්ට දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ණය දී ඇති බටහිර රටවල් එයට සාධනීය ප්‍රතිචාර දක්වා ඇතත් චීනය ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථාවරයක් දරණ බව සඳහන් කළේය.
චීනය ලෝකයේ විවිධ රටවලට ණය දී ඇති බැවින් එක රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියහොත් අන් රටවලින් ද බලපෑමක් විය හැකි නිසා, එසේ නොකර ඒ ණය ගෙවීමට තවත් ණයක් දීමට සූදානම් බව ඔවුන් යෝජනා කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
මේ ගැන මූලික මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති බවත්, මුදල් ඇමති අලි සබ්‍රි මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කරුණු පැහැදිලි කිරීමට නියමිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක 5ක හදිසි අවශ්‍යතාවයක් තිබෙන නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් ඊට උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමම විශාල ශක්තියක් බවත් අමාත්‍යවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ණය ගෙවීමේ වැඩසටහනක් ඉල්ලා තිබෙන බවත්, ඉන්පසු කටයුතු කළ ආකාරය ගැන ඔවුන් ප්‍රකාශ කරනු ඇති බවත් කී ඇමතිවරයා මෙතෙක් බදු වැඩිකිරීම් ආදිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් වී නැතැයි ද පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘චීනයේ ණය ගෙවන්න තවත් ණයක්‘
aravinda Tuesday, 26 April 2022 06:17 PM
අපි මේ තත්වයට ඇද වැටුනේ ඔය වගේ ණය රෝල් කරන්නට යාම නිසා බවත් මතක තබා ගන්න.
මරිසිපාල Tuesday, 26 April 2022 06:28 PM
මොකටද ණයක් පියවන්න තවත් ණයක්, ගත්ත එක ගෙවන්න කාලය ඉල්ලන්නකෝ, ඔහොම කළාම පිස්සගේ පලාමල්ල වගේ වෙනවා... රට තවත් නන්නත්තාර කරන්න එපා...!
Deepal Wednesday, 27 April 2022 01:54 AM
සරම කොයි පැත්තෙන් ඇන්දත් එකයි නේද.
sharm warnWednesday, 27 April 2022 11:09 AM
සාමාන්‍යෙයන් මෙයා ඉන්න විදිහ ... කියන කතාවලින්ම තේරෙනවනේ..!
sharm warn Wednesday, 27 April 2022 11:11 AM
ඔව්, ඔව් බැංකුවෙන් ගත්ත ණය ගෙවන්න ගෙදර බඩුමුට්ටු උගස් කරන ආර්ථික කලමනාකරණය කියලා මෙලෝ සත පහක් නොදන්න වෙන වහල්ලුන්ට නම් මේවා මැජික්...