චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ශක්තිමත් මිතුදම තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීම අද (19) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
සංකේතාත්මකව ජල බවුසර් 2 ක් මෙහිදී නිල වශයෙන් බාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බාරදෙනු ලැබීය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනයෙන් ශ්‍රී ලංකාවට ජල බවුසර් 90 ක්
Chandana F Wednesday, 19 December 2018 12:14 PM
වතුර නොමැති ජනතාව වෙනුවෙන්.. අපගේ ප්‍රණාමය චීන රජය වෙත පුදකරන්නෙමු. කරුණාකර සොයාබලා නිසි තැනට මෙය ලබාදෙන්න.. පක්ෂ ජාති භේදයකින් තොරව... බොහොම පින් සිදුවේවා!!!.
Sanath Kandy Thursday, 20 December 2018 09:00 AM
පහුගිය දවස්වල නාපු මඩ හෝදගන්න බවුසර් 90ක් මදි...