IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය 24 සිට යළි විවෘතයි

(යොහාන් භාසුර)

වසර තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය, පැරණි සංඝාවාසය සහ බුද්ධ වන්දනා මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අනිද්දා (24) නැවත විවෘත කෙරේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කතේෂ්වරන්, ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති  හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, පලනි දිගම්බරම් යන මහත්වරු සහභාගි වීමට නියමිතය.

ඉන්දීය ආචාර්යවරුන් වන  ඒ. අශෝකන් සහ ඊ. රාජා යන මහත්වරුන්ගේ ධන පරිත්‍යගයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ හයකට වැඩි මුදලක් වැය කරමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති නුගගොල්ලේ චන්දරත්න හිමියෝ පැවසූහ.

කොරෝනා වසංගතය හේතුවෙන් වන්දනාකරුවන්ගේ පැමිණීම අඩාලවීමත් සමගම වසර තුනකට වඩා කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි  සංගමයේ සභාපති ජපානයේ  ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි මහා විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ ඉල්ලීම පරිදි ඉන්දීය ආචාර්යවරුන් වන  ඒ. අශෝකන් සහ ඊ. රාජා යන මහත්වරු ප්‍රසංස්කරණය කිරීමට ඉදිරිපත් වූ බව නුගගොල්ලේ  චන්දරත්න හිමියෝ පවසති.

ඒ අනුව පහත මාලයේ (අඩි 18) බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, පළමු මහලේ (අඩි 26) සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, එහි පිහිටි (අඩි 06) හිඳි පිළිම වහන්සේලා ද සම්පූර්ණයෙන්ම වර්ණාලේපිත කර පැරණි සංඝාවාසය සහ භික්ෂු නේවාසික කාමර ගොඩනැගිල්ල ද පිළිසකර කර ඇතැයි චන්දරතන හිමියෝ වැඩි දුරටත් පැවසූහ.



අදහස් (0)

චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය 24 සිට යළි විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site