(ලුසිත ජයමාන්න)

‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට අයත් ‘වික්‍රම’ යානය, පසුගිය 23 වැනිදා සාර්ථකව සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට සාර්ථකව පතිත කෙරුණි. ඉන්දියාව මෙම ස්ථානය නම් කර ඇත්තේ ‘ශිව්ශක්ති’ Shivshakti යන නමිනි. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පළමු වරට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය.
ඊයේ (26) දිනයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු පිහිටි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘චන්ද්‍රයාන් 3’ පාලන මැදිරියට ISRO Telemetry Tracking and Command Network (ISTRAC) ගොස්, මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥයන් සියලු දෙනා හමුවී ඔවුන්ට පැතුවේය.
ඉන්පසු මෝදි මාධ්‍යවේදීන් ද හමුවිය. ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානය ගොඩබෑ ස්ථානය ‘ශිව්ශක්ති’ යන නමින් විද්‍යාඥයන් නම් කළ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ මෝදිය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය 2019 වසරේ දී ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ද ‘වික්‍රම්’ නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. එය අසාර්ථක වූ අතර එම යානය සඳට කඩා වැටුණේය. එම කඩා වැටුණු ස්ථානය නම් කර ඇත්තේ ‘තිරංග පොයින්ට්’ Tiranga Point යන නමිනි.


2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘චන්ද්‍රයාන් 3’ පතිත කළ ස්ථානයට නමක්
saman Monday, 28 August 2023 11:05 AM
1969 මිනිස්සු ගියා කිව්වෙ හදට නම් නෙමේ මන් හිතන්නෙ බලන්නකො දැන් නෙ රොබොට් යවන්නෙ මිනිස්සු යවන්නෙ නැතුව එ කියන්නෙ අපිව හොදට USA රුසියා ඇන්දුව හොදට.