IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චන්ද්‍රිකා ශ්‍රීලනිප සාමාජිකයෙක් නොවෙයි

(යොහාන් භාසුර)

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කෙනෙක් නොවන බවත් එතුමිය පසුගිය කාලයේ නව ලංකා නිදහස් පක්‍ෂය කියන පක්‍ෂයේ වැඩකටයුතු කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (8) පස්වරුවේ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (8) පස්වරුවේ එසේ පැවසීය.

චන්ද්‍රිකා මැතිණිය නව ලංකා නිදහස් පක්‍ෂ කියලා එකක් හදාගෙන හාවෙක්ගේ පිට උඩ යමින් සිටි බව කී මිත්‍රපාල මහතා චන්ද්‍රිකා මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කටයුතුවලට සම්බන්ධ නොවූ බව ද සඳහන් කළේය.

දුමින්ද දිසානායක මහත්මයම කියනවා නම් චන්ද්‍රිකා මැතිණිය දේශපාලන මණ්ඩලයේ නෑ කියලා එහෙම කෙනෙක්ට දේශපාලන මණ්ඩලයට උපදෙස් දිය නොහැකි බව ද ඒ මහතා පැවසීය.

විවිධ ප්‍රකාශ කරන කණ්ඩායමේ මතය මොකක්ද යන්න රටම දන්නවා බවත් රනිල් වික්‍රමසිංහ තරම් හොඳ ජනාධිපති කෙනෙක් මේ ලෝක නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා පැහැදිළිව කියන පසුබිමක් තුළ ඔවුන්ගේ ඉලක්කය කුමක්ද යන්න පැහැදිළි බවත් ඒ මහතා කීය.

ව්‍යවස්ථාව ඒකාධිපති යැයි 2018 සංශෝධිත ව්‍යවස්ථාවට යෑමෙන්  අධිකරණය තීරණය කළ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බව කී මිත්‍රපාල මහතා ව්‍යවස්ථාව අනුව බොහෝම පැහැදිළිව දේශපාලන මණ්ඩලය යැයි කියන රැස්වීම නීතිවිරෝධි එකක් නිසා ඒ පිළිබඳව අධිකරණයට යන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  

මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය දී තිබෙන වාරණ නියෝග 18 වැනිදා නැවත කැඳවලා නිසා වාරණ නියෝගය කියන්නේ තාවකාලික දෙයක් බව කී මිත්‍රපාල මහතා පැවසුවේ දින 10 කට මේ පිරිස සියලුම රඟපෑම් කරන බවත්ය.  



අදහස් (4)

චන්ද්‍රිකා ශ්‍රීලනිප සාමාජිකයෙක් නොවෙයි

Prabha Monday, 08 April 2024 08:33 PM

මේ අයට තියෙන ප්‍රශ්න..!

:       0       0

S Vitharana Monday, 08 April 2024 10:14 PM

විජේදාස මහත්මයාගෙන් උපදෙස් ගන්න තමුන්ට හොඳයි. චන්ද්‍රිකා නෝනාට තමයි උපදෙස් දෙන්න බැරි?

:       0       0

chandima Monday, 08 April 2024 10:21 PM

පක්ෂෙ නැහැ කිව්වාට එහෙනම් ඔය අය වැසිකිළි වළ වටේ කැරකෙනවා වගේ හැම දේටම එන්නේ...?

:       0       0

Chandra Monday, 08 April 2024 10:48 PM

චන්ද්‍රිකා මැතිණිය පක්ෂයේ නිර්මාර්තෘ දිවංගත බණ්ඩාරනායක මහතාගේ දියණිය. එතුමියට නැති අයිතියක් වෙන කාටද තියෙන්නේ? සදාචාරයක් නැති අය මොන දේශපාලනයක්ද මේ කරන්නේ? රට පාවලා දුන් අයටද ගරු කරන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site