IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චන්ද්‍රිකාගෙන් ෆෙස්බුක් සටහනක්

 

(අංජුල මහික වීරරත්න)

මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය.

තම අසූ වන උපන් දිනය වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බණ්ඩාරනායක මහත්මිය මෙසේද පවසන්නීය.

"අද  මා මේ පොළොව මත ගතකළ හැත්තෑ නවවන වසර ගෙවා දමා අසූ වියට ප්‍රවේශ වීමි. මගේ මතකයේ සටහන් වී ඇති කාලයේ සිට මගේ රට වෙනුවෙන්, එහි ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා කළ කී දෑ බොහෝය.

මට අමතකවත් බොහෝ දෑ තිබිය හැකිය. ඒ ඇතැම් දේ මට ද අමතක නම්, රටේ ජනතාවට ඒවා මතක තිබේවියැයි සිතීම ම උත්ප්‍රාසජනකය. එහෙත් ඊයේ දවස පුරා ලැබුණු, තවමත් ලැබෙන සුබපැතුම්වල මට ආදරය කරන දෙස් විදෙස් ජනතාව සිහිපත් කර තිබූ ඇතැම් මතක මට එක් දෙයක් පසක් කළේ ය.

 මා කළ කී දෑ සියල්ල මතක නොතිබුණ ද බොහෝදෙනෙකුට තවමත් මතකයේ රැඳී ඇති පොදු යමක් ඇති බවයි. ඒ, මගේ හදවතේ මේ රට වෙනුවෙනුත්, එහි ජනතාව වෙනුවෙනුත් ඇති ආදරයෙහි අව්‍යාජත්වයයි. එය මට මහත් අභිමානයක් ඇති කළේ ය. දශක ගණනක් පුරා, නොයෙක් විවේචන, අපවාද මධ්‍යයේ වුව, රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කිරීමට මට ශක්තිය වූයේ ඔබේ ඒ ආදරය බව මම අදට ද විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

 

 



අදහස් (16)

චන්ද්‍රිකාගෙන් ෆෙස්බුක් සටහනක්

A Supporter of Chandrika B Kumaratunga Sunday, 30 June 2024 10:42 AM

උදාහරණයක් ලෙස 2001 දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන් 10 දෙනෙකු ඝාතනය කිරීමෙන් සහ තවත් අවස්ථාවක PNG රග්බි ක්‍රීඩක ජොයෙල් පේරා මහතාගේ ඝාතනයෙන් ඔබේ ඥාති සොහොයුරාට ගැලවීමට ඉඩ හැර ඔබ මේ රට වෙනුවෙන් කළ දේ ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදා අමතක නොවනු ඇත. ඔබේ ඥාති සොහොයුරා ඔහුගේ ප්‍රීතිමත් ක්‍රම වෙනස් කර නැති අතර පසුගිය දිනක ඔහු තම මිතුරියක සමඟ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එල්ටීටීඊ සිරකරුවන්ට පිස්තෝලයෙන් මරණ තර්ජන කළේය. හොදයි මැඩම්.

:       4       51

HemanthaSunday, 30 June 2024 12:36 PM

කළ හොඳට හොඳ විපාක ලැබේවි... කළ නරකට නරක විපාක පඩිසන් දේවි. හැබැයි අපි මේ රටේ ජනතාවගේ අපේක්ෂා මුදුන් පත් කර ගැනීමට සුදුසු ආණ්ඩුවක් හදාගන්න මහන්සි වෙන මේ වෙලාවේ ඒක බොරු කරන්න ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා.

:       6       18

විජය Sunday, 30 June 2024 10:45 AM

රට,රට,රට.... ඔච්චර රටට කෙරුවනම් රට මෙහෙම බංකොලොත් වේවිද ???

:       4       55

සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 30 June 2024 10:49 AM

අර වික්ටර් අයිවන්ගෙ චෞර රැජිණ පොත කියෙව්වනම් මතක් වෙයි. කොහොමත් වයසට ගියාම ගෙදර යතුරවත් දෙන්නෑ කියලා කියනවනෙ

:       3       38

රංබොඩ Sunday, 30 June 2024 11:11 AM

මෙතුමිය මුලින් හොඳය. ගරු සිරිමාවෝ මැතිණිය නොහොත්.රටට දැයට මහත් සේ ආදරය කළ සේවාවක්.කළ ජාතියේ මාතාවගේ සියණියක් හැටියට මැයට බොහෝ දෑ කරන්නට ඉඩ තිබුණි. නමුත් එසේ නොවුණි. රනිල් උන්නැහේ අගමැත්ව සිට කොට් සමඟ හොර ගිවිසුමක් අත්සන් කරන්න දඟළන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර එය වැලකූ හැටි මතකය. තාරාද මෙල් නැමති N.G.O. කාන්තාව ට රටේ අධ්‍යාපනය බාර දී කළ හදියද මතකය

:       3       26

Wimal perera Sunday, 30 June 2024 11:13 AM

මිනිස්සු ගරැ කරන්නෙ වැඩියෙන් හොද වැඩ කරපු මිනිස්සුන්ට. හොද වැඩක් කරලා ගොඩක් පිස්සුු වැඩ කරන කොට , ගැනු විස්කි ගගහා දේශපාලනය කරනවට මිනිස්සු කැමති නැ. රජයේ යටතේ තිබ්බ වානේ සංස්ථාව සේරම ඉඩම් එක්ක කුණු කොල්ලයට ව්කුනපු ඒවට මිනිස්සු කැමති නැ

:       3       40

Perera Sunday, 30 June 2024 12:13 PM

අනේ පින් සිද්ද වෙයි. පිනක් දහමක් කරගෙන, ජනතා මුදලින් කන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නකෝ... ජනතාව දීලා තියෙන ගෙට වෙලා මගුල් කියවන්නේ නැතිව...

:       0       34

Prabha Sunday, 30 June 2024 12:14 PM

රටට කරපු හරිය ලියන්න මෙතැන ඉඩ මදි නිසා නිකන් ඉන්නවා... අනේ මගේ කට...

:       1       33

පිටරටවැසියා Sunday, 30 June 2024 12:48 PM

රටක් අයාලේ ගිය වසර 11ක්. ඔබට මතක නෑ.. රටේ ජනතාවට අමතක නෑ...!!!

:       2       33

Pradeep Kumara Sunday, 30 June 2024 12:57 PM

ඔය කාගේ කාගේත් කෙරුවාවන් කාට අමතක වුණත් පොදු ජනතාව ලෙස අපට නම් හොඳට මතකයි...!

:       2       24

පිටරැටියා Sunday, 30 June 2024 02:54 PM

ගිය දේවල් ගැන කිව්වා කියලා වැඩක් වෙන එකක් නැහැ.ඔබ තුමියට නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබී චිරත් කාලයක් ආයු බොහෝ වේවා කියා ප්‍රාර්ථනා කරනවා

:       20       11

සමන් Sunday, 30 June 2024 04:42 PM

අදටත් ලෝකෙ ඕනෑ රටකට ගිහින් ඩීල් එකක් දාගෙන වැඩේ ගොඩදාගන්න පුලුවන් දෙන්නයි මේ රටේ ඉන්නේ මේ වෙලාවේ ඉන්නේ. පලවෙනි පුද්ගලයා තමයි රනිල්, දෙවෙනි පුද්ගලයා තමයි චන්ද්‍රිකා මැඩම්. අනිත් අය කවුරුවත් ජාත්‍යන්තරය ගණන් ගන්නේ නෑ.

:       31       10

minaMonday, 01 July 2024 03:51 AM

ඔලුව හොඳ නැද්ද?

:       1       2

Kamal Sunday, 30 June 2024 09:41 PM

චන්ද්‍රිකා කියන්නේ විපරිත

:       1       4

ගැමිය Monday, 01 July 2024 04:35 AM

ඔබ ඉක්මනින්ම දේශපාලනයෙන් ඉවත් වන්න, ඔබ මේ රටේ පාලනය බලය ගන්න කොට අපි බලාපොරොත්තු කිසි දෙයක් ඔබ ඉටු කලේ නැ. ඔබ මේ රටට කල වින්නැහිය දෙවැනි වෙන්නෙ ජේ ආර් ටයි මයිනටයි පමනයි.

:       1       1

වජිර Monday, 01 July 2024 08:06 AM

ඔයා හොද ටිකක් කරලා වැරදි ගොඩක් කළා. කලයුතු දේ කිරීම මග හැරියා. එනිසා ජනතාවට මතක වැරදි පමණයි! කරුණාකර දැන් කට වහගෙන පොතක් පතක් කියවාගෙන, පුරුදු විධිහට විස්කි අඩියක් දෙකක් ගහලා ජිවිතේ ඉතිරි ටික ගෙවා ගන්න.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site