IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චන්දිමාල්ගේ මව, නැගණිය ඇතුළු හය දෙනාට ඇප (වීඩියෝ)

 (නිමන්ති රණසිංහ)

නිරෝධායන නීති කඩ කරමින් කොළඹ සුපිරි හෝටලයේ උපන්දින සාදයට සහභාගි වූ බව කියන තවත් සැකකරුවන් 07 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා අද නියෝග කළේය.

මෙම සැකකරුවන් අතර ජැක්ශන් ඇන්තනි මහතා ගේ දියණය වන මාධවී ඇන්තනි සහ ඇගේ ස්වාමි පුරුෂයා ද සිටිති.

මෙම සැකකරුවන් අතර සිටී රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව නිවෙස් නිරෝධනය සඳහා යොමු කරන ලෙසද අධිකරණය ලෙස ද අධිකරණය නියම කළේය.

මේ වන විට මෙම සිද්ධිය ට අදාළව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පහළොස් දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් නිරෝධයනය සඳහා යොමු කර තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 

 

 

 

 



අදහස් (10)

චන්දිමාල්ගේ මව, නැගණිය ඇතුළු හය දෙනාට ඇප (වීඩියෝ)

siri Friday, 04 June 2021 10:25 AM

" ශරීර ඇප කියන්නේ මේවා තමා" කියල පින්තුරයක් පළකරල තියෙනවා දැක්කා.

:       2       15

චමින්ද Friday, 04 June 2021 10:43 AM

තවත් උපන් දිනයක් කියන්නේ මරණයට තවත් වසරකින් ලංවෙනවා කියා නොදන්න පිරිස් රටට හෙනගැහුවත් විගඩම් කරනවා. අනෙක් අයත් මරණයට ලංකරනවා...

:       1       34

Nuwan Friday, 04 June 2021 11:04 AM

රටේ ඉතිහාසය අමු අමුවේ දේශපාලනයට කඩේ යමින් විනාශ කරපු එකේ කරුමය තමයි අද දේශපාලකයින්ගේ ගොදුරක් වුණේ..

:       4       18

සෑම් Friday, 04 June 2021 11:34 AM

මේ අයට හොඳ වැඩේ. උසාවියෙන් මාස 12ට වැඩියෙන් අනිවාර්යයෙන් හිරේ යවන්න ඕනෑ නඩුව අහන කොට...!!!

:       2       13

Dhananjaya Friday, 04 June 2021 12:35 PM

කවුද මේ අය? මේ අය අනිවාර්යයෙන්ම හිරේ යවන්න ඕනෑ. ලොකු වැඩක් කරා වගේ යන්නේ.. රටේ නීතියට ගරුකරන්න දන්නේ නැහැ.

:       3       14

Geetha Friday, 04 June 2021 12:39 PM

නූගත්කම වැඩි.. බුද්ධි හීන මිනිසුන්.. වතුර හැළිය රත්වෙන කම්ම සැපයක් කියලා හිතන කකුළුවන් වගේ. මෙයාලව දාන්න ඕනේ නිරෝධායන මධ්‍යස්ථානවල වැඩකරන්න. මොකද කොරෝනා වලට බයනැති නිසා...

:       1       22

Thilakaratna ganehiarachchi Friday, 04 June 2021 03:00 PM

මේ කණ්ඩායම සමාජය හැසිරෙන්නේ විශේෂ වරප්‍රසාද ලත් සුවිශේෂී තරු පන්තියේ පුද්ගලයන් ලෙසයි... මොවුන් සාමාන්‍යයෙන් නීතිය ගණන් නොගන්නා හිතුමතේ හැසිරෙන පිරිසක් බව ඔවුන්ගේ ක්‍රියාකලාප දෙස බැලීමේදී පෙනී යනවා.. පවතින නීතියට පිටුපා කටයුතු කළ මේ අයට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් දී පාඩමක් ඉගැන්වීම මෙවැනි වැඩවලට උදව් කරන අනෙක් අයටත් යස පාඩමක් වේවි.. එ් නිසා නීතිය අනුවම කටයුතු කිරීම කළ යුතු දෙයක්...

:       1       24

hesa Friday, 04 June 2021 06:58 PM

මේ අයට ඔය ඉල්ලන දඞුවම් ලැබෙන්නෑ.. එහෙම නම් මේ වනවිට බාගෙට භාගයක් ඉන්නේ රිමාන්ඩ් එකේනේ...

:       0       0

Eadwad Friday, 04 June 2021 07:00 PM

අර රූපවාහිනී වැඩසටහන් වලට එන අයත් පීසීආර් කරලද ගන්නේ? නැතිනම් පසුව නිරෝධායනය කරනවද?

:       0       3

Nimal Friday, 04 June 2021 07:11 PM

හිරගෙදරට යවන්න. සීල් තිබ්බට ඉගෙනගෙන නැතිනම් ඕවා තමයි කරන්නේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site