කලාවට තැනක් නොතැනක් නැත. තම නිර්මාණය ඕනෑම තැනකදී නිර්මාණය කිරීමටත් එය ප්‍රදර්ශනය කිරීමටත් කලාකරුවා සමත්ය. මේ එයට උදාහරණයකි.
කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුසිසුවියන් පිරිසක් තමන් දෛනිකව භාවිත කරන වැසිකිලියේ ස්වරූපය මඳකට වෙනස් කරමින් එය කලාගාරයක් බවට පත් කර තිබේ. ඒ එහි සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමෙනි. ‘පටිගත වුණ ආදරයට අනුගත වුණ නිරුවත’ ලෙස නම් කර තිබූ මෙම ප්‍රදර්ශනයට සිතුවම් රැසක් එක්කර තිබුණි.
සිතුවම් ප්‍රදර්ශනය විවෘත කිරීමට කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අනුශාසක ගාමිණි ඒකනායක, හිටපු අධ්‍යයන ප්‍රධාන චතුර බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.
මෙම ප්‍රදර්ශනය අංලකාර ලෙස සංවිධානය කර තිබූ අතර මෙම උත්සාහය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිවී තිබිණි.
කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ 2016 සහ 2018 අධ්‍යයන වර්ෂවල සිසුසිසුවියන් පිරිසක් මෙය සංවිධානය කර තිබුණි.
මෙය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියහ.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චිත්‍ර ප්‍රදර්ශනයේ නිම්වළලු පුළුල් වෙයි