IMG-LOGO

චීටා ආයෙත් ඉන්දියාවට

වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජන්ම දිනය ඊයේ දිනයට (17) යෙදී තිබුණු අතර, ඒ නිමිත්තෙන්, අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන්, නැමිබියාවෙන් ගෙනා චීටා සතුන් අට දෙනකු ඉන්දියාවේ කූනෝ ජාතික වනෝද්‍යානයට මුදා හැරීම සිදුවිය.

අප්‍රිකානු රාජ්‍යයක් වන නැමීබියාව, චීටා සතුන්ට ප්‍රසිද්ධියක් උසුලයි. වැඩිම චීටා ජනගනයක් ඇත්තේ ද නැමීබියාවේය. ඉදිරියේ දී තවත් චීටා සතුන් නැමීබියාවේ සිට ඉන්දියාවට ගෙන ඒමට ඉන්දීය රජය සූදානමින් සිටී.

චීටා සතුන් අට දෙනා වනෝද්‍යානයට මුදා හැරීම සිදුවූයේ උන් මාසයක කාලයක් නිරෝධායනය කර තැබීමෙන් පසුවය. සතුන් ගුවනින් ඉන්දියාවට ගෙනැවිත් ඇත්තේ නිර්වින්දනය කිරීමෙන් පසුවය. චීටා යනු මහ බළල් පවුලට අයත් සාමාජිකයකු වන අතර ගොඩබිම වෙසෙන වැඩිම වේගයකින් දිවිය හැකි සත්වයා වන්නේ ද චීටාය. චීටාට පැයට කිලෝ මීටර් 113 ක වේගයකින් දිවිය හැකිය.

අතීතයේ අප්‍රිකා මහද්වීපයේ පමණක් නොව, ඉන්දියාවේ වනාන්තරවල ද චීටා සතුන් වාසය කළ බව පැවැසෙයි. ඉන්දියාවෙන් චීටා සතුන් සඳහටම වඳවී ගොස් ඇත්තේ 1952 වසරේ සිටය. මිනිසුන් විසින් චීටා සතුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කිරීම ඊට එක් හේතුවක් බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

චීටා ආයෙත් ඉන්දියාවට

Soma dubai Sunday, 18 September 2022 11:16 AM

සුද්දෝ පාලනය කළ රටවල අය විනෝදෙට අහිංසක සත්තුන්ට වෙඩි තිබ්බා.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site