
( ටී.කේ.ජී.කපිල )
2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight ) අද (25) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම සදහා පෝලන්ත ලොට් ගුවන් සේවයේ ( L.O.T. ) ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය අද (25) අලුයම 06.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එහිදී මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගැනීම සිදු කළ අතර , මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සාම්ප්‍රදායික නර්තන මගින් පිළි ගෙන ඔවුන් වෙත සමරු ත්‍යාග පිරිනැමීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මෙරට සංචාරක නියෝජිත ආයතන කටයුතු කර තිබුණි
මෙම විශේෂ ගුවන් සේවා යානා එරට ශීත ඍතුව පහව යන තෙක් , එනම් එළඹෙන 2024 වසරේ මාර්තු මස 26 දා තෙක් , චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .


2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙක් සංචාරකයින් රැගත් විශේෂ යානයක් කටුනායකට
Nihal Wednesday, 25 October 2023 09:59 PM
ත්‍රස්තවාදය අවසන් කරන්න අපිට මල්ටි බැරල් දීලා උදව්ව කල රට