
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17)වන දා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දුන් දැනුම්දීමක් මත මෙසේ පැමිණ ඇත.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන් ය.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් ගේනවා විතරයිනේ.., කෝ මොනවත් හොයාගෙන ඇරෙස්ට් කරන්නේ නැද්ද?
නිකන් ගෙනත් වැඩක් නෑ...
නිකන් ගෙනාවා...
සෞභාග්‍යයේ දැක්ම හරියට පෙන්නුවා නම් ඔහොම වෙයිද? වියත්මග දැන් ආගිය තැනක් නැහැ...
ආවා.. කට උත්තරයක් දුන්නා. කැමරාවලට විරිත්තුවා. දවල් කෑමට ආපහු ගෙදර ගියා. මොන සංදර්ශනද මේවා...?
ගෝඨාභයට තිබුණු අභියෝග වර්තමාන නායකයන්ට තිබුණා නම් සති 05ක් මේ ආණ්ඩුව දුවන්නේ නැහැ.
කමෙන්ටු දැක්කාම හිතෙන්නේ අධිකරණයේ නඩුවක් ගොනුකරපුවාම එදාම තීන්දුවක් බලාපොරොත්තු වන ජාතියේ මෝඩ මිනිස්සු ඉන්නවා කියලා.
රට බංකොළොත් කරපු එකට හරිනම් දැනට ඇතුලේ ඉන්න ඕනෙ කෙනෙක්...
අල්ලයි... නිකන් බොරු නොකර ඉන්න.