(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ චෝදනා පත‍්‍රයේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව එම අධිකරණයට ඉදිරි කාලයේදී දැනුම් දෙන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවාන මහතා මේ බව අධිකරණය දැනුම් දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනා පෙත්සම දෙක අද (18) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූ අවස්ථාවේදීය.
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කියාසිටියේ චෝදනා පත‍්‍රය තුළ කුමන්ත‍්‍රණ චෝදනා දෙකක් පමණක් අන්තර්ගත කර තිබෙන බවත්, එය නීතිවිරෝධී තත්ත්වයක් බවත්ය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ එවැනි සංශෝධන ඇත්නම් ඒ පිළිබඳ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙන බවය.
එහිදී අදහස් දැක්වූ විනිසුරු සිසිර ද ආබෲ මහතා කියාසිටියේ අපරාධ චෝදනාවක් පිළිබඳව නිරවුල් අවබෝධයක් විත්තිකරුවකුට තිබිය යුතු බවත්, එසේ නොවුණහොත් ගැටලූ සහගත තත්ත්වයක් ඇති වන බවයි.
දෙපාර්ශවයේ කරුණු දැක්වීම් වලින් පසු කරුණු තහවුරු කිරීම සඳහා මෙම අභියාචන පෙත්සම් ලබන 9 දා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
එහිදී පෙත්සමේ මෙසේද සඳහන් වේ.
ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.
2025 නොවැම්බර් මස 04
413
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝඨාගේ චෝදනා පත්‍රයේ සංශෝධන අධිකරණයට