(නිමල් ජයරත්න)
වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, ආරක්ෂා කරගෙන අක්කර දෙකහමාරකට විනාඩි 4 ක කාලයකින් දියර ඉසීමට හැකි ඩ්‍රෝන යානාවක් නිර්මාණය කර ශ්‍රී ලාංකිකයකු පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගලින් අපට හමු විය.
ඔහු නමින් සංකල්ප ද සිල්වාය.
බඩ ඉරිඟු, පොල්, කජු, උක්, ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට වැළඳෙන සියලුම රෝග සඳහාද මෙම ඩ්‍රෝන යානාව උපයෝගී කරගනිමින් දියර ඉසීමට හැකිවන පරිදි ඔහු මෙම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි,
2015 වර්ෂයේ සිට විවිධ පර්යේෂණ මගින් නිර්මාණය කර ඇති මෙම කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පුරා අක්කර නවසීයකට ආසන්න සංඛ්‍යාවකට අදාල කෘමිනාශක හා වල්නාශක ඉසිමින් ගොවියන්ට සේවාව ලබා දී ඇත.
වී වගාව සඳහා දියර ඉසින ගොවීන් සම්පූර්ණයෙන්ම මෙම කෘමිනාශක දියරවලින් ආරක්ෂා වන අතර ලංකාවේ විශාලතම ඩ්‍රෝන යානාව මේ වන බවද සංකල්ප ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය, මෙම ඩ්‍රෝන යානාව හරහා කෘමිනාශක හා වල් නාශක ඉසීමේදී ගොවි මහතුන්ට කාලය, ධනය, ශ්‍රමය, ඉතිරි වෙනවා සේම යොදන වල්නාශක හා කෘමිනාශක ද්‍රව්‍ය වලින් 60% ක ඉතිරි කරගැනීමේ හැකියාවද පවතින බව සංකල්ප ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය,
මේ වෙනවිට පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ටාශයේ මෙම ඩ්‍රෝන යානාව හරහා ගොවීන් කිහිපදෙනකු කෘමිනාශක සහ වල්නාශක දියර ඉසීම ආරම්භ කර තිබීමද තවත් විශේෂත්වයකි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගොවි බිමට යෝධයෙක් නිර්මාණය කරයි
Senarath Monday, 12 June 2023 08:51 AM
ඉතාමත් හොඳ කාලීන අවශ්‍යතාවයක්... ඔබට අපේ සුබපැතුම්....තවතවත් මෙවැනි වටිනා උපකරණ සෑදීමට ඔබට හැකිවේවා...!
කිරිපුතා Monday, 12 June 2023 09:30 AM
ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගිහින් ඔහුව වහාම අත්අඩංගුවට ගන්න. ඒ තමයි අපේ ක්‍රමය...
Indika Amarasinghe Monday, 12 June 2023 10:01 AM
අගය කළ යුතු වැඩක්...
Nimal Monday, 12 June 2023 10:21 AM
සුපිරි වැඩ්ඩෙක්...!
නිහාල් Monday, 12 June 2023 10:50 AM
ඔහු අත්අඩංගුවට අරගෙන නඩු පවරන්න. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
kamal Monday, 12 June 2023 10:56 AM
අපේ ගුවන් හමුදාව පහුගිය දවස්වල පරණ වාහන කීපයක් අලුත් වැඩියා කරලා රටට විසාල මුදලක් ඉතුරු කරලා දුන්නා.
Sampath Monday, 12 June 2023 11:45 AM
ඔහුව සම්බන්ධ කරගන්නේ කොහොමද?
MalithTuesday, 13 June 2023 08:22 AM
පුලුවන්. කියන්න ඔබට උවමනා දේ
Kalika Tillekeratne Tuesday, 13 June 2023 04:01 AM
නියමයි සංකල්ප. ඔබේ විස්මිත කාර්යය දිගටම කරගෙන යන්න
City Tuesday, 13 June 2023 07:11 AM
තම දෙමාපියන්ගෙන් සහ රජයෙන් යැපෙන තරුණ තරුණියන්ට හොඳ උදාහරණයක්