
(ජේ.කේ.එල්. චාමින්ද)
ගොවි විශ්‍රාම වැටුප් හිමිවිය යුතු වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින් 264,227 දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙකි විගණන වාර්තාවට අනුව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තුළ ලියාපදිංචි වි ඇති ගොවින් සංඛ්‍යාව අටලක්ෂ 871,425 කි.
2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට වයස අවුරුදු 61 සිට අවුරුදු 93 දක්වා වයස්ගත වු ගොවින් සංඛ්‍යාව 474,803කි.
මින් ගොවින් 264,227 දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප ගෙවා නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 2022 වර්ෂයේ දි අවුරු දු 60 සම්පුර්ණ කළ විශ්‍රාම වැටුප හිමිවිය යුතු ඉල්ලුම්පත් එවා නොමැති දායකයින් සොයා විශ්‍රාම වැටුප් ලබාදිමට අවශ්‍ය කටයුතු කරණ ලෙස කෘෂිරක්ෂණ මණ්ඩලයේ සියලුම දිස්ත්‍රික් හා සහකාර අධ්‍යක්ෂකවරුන් වෙත ලිඛිතව දන්වා තිබුණි.
එහෙත් දිස්ත්‍රික් කාර්යාල 12ක නියැදියක් පරික්ෂාකිරිමේ දි ඉන් දිස්ත්‍රික් කාර්යාල 06ක් එම ලිඛිත දැනුම් දිම අනුව කටයුතු කර නොතිබුණි. වයස අවුරුදු 60 සම්පුර්ණ කළ විශ්‍රාම වැටුප ඉල්ලුම් නොකළ දායකයින් හදුනා ගැනිමට අවශ්‍ය කටයුතු කරණ ලෙස විගණනය මගින් නිර් දේශ කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවද සැඳෑ සමයේ පසුවන රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් තෘප්තිමත්ව සිටිනු දැකීම දැක්ම කරගත් විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයින්ගේ සුබ සිද්ධිය ප්‍රවර්ධනය කිරීමට සක්‍රීයව දායකත්වය දීමට සිටින විශ්‍රාම වැටුප් භාර අරමුදලේ නිලධාරි සාමාජිකයින්ට අරමුදලේ කෝටි ගණනක් මුදල් තිබුණත් නොගෙවීම කොතරම් නීච ක්‍රියාවක්ද?
මගේ තාත්තාට ගෙවපු මුදල්වත් ගන්න බැරිද?
මගේ තාත්තාට ගෙවපු මුදල් ලබාගන්න පුළුවන්ද?