
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර ඇත.
ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසිවී යනු ඇත.
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බවත් එබැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැලැක්වීම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට හේතු වී තිබේ.
එසේම ආර්ථික අර්බුදය සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සහ වියදම් අධිකවීම, බදු සහ කුලී නිවාස ප්‍රශ්න ඇතුළුව මානුෂීය කාරනා රැසක් පදනම් කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ගුරු මාරු තාවකාලික පදනමින් හෝ කල්දමා සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු සේවයේ නියුතු බොහෝ දෙනකු ලිපි මගින් ජනාධිපතිවරයා වෙත දුක් ගැනවිලි යොමුකර තිබිණි.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාසිටි ගුරුවරුන් පිරිසක් ද මෙවර ගුරුමාරුවීම් සඳහා නිර්දේශව තිබූ බවත් වාර්තා වෙයි. ඒ අතරින් පිරිසක් සිය ස්ථාන මාරු දේශපාලන පළිගැනීම් ලෙස හුවාදැක්වීමේ සූදානමක පසුවූ බවත් ජනාධිපතිවරයාට වාර්තා වී තිබෙි.
ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ මෙම කරුණු කාරනාද සලකා බැලීමෙන් අනතුරුවය.
2025 දෙසැම්බර් මස 04
241
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
390
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරු මාරු මණ්ඩලය විසුරවයි
S.s.k jayathilaka Saturday, 18 March 2023 07:56 AM
ඔතැනින් ලියුම් එවලා තියෙන්නේ මාරුව අනවශ්‍ය අය... තව භාගයක් ඉන්නවා මාරුව බලාපොරොත්තු වුණු අය. වෛද්‍ය හේතු මත මාරු ඉල්ලපු අය. දුර බැහැර පාසල්වලට සේවයට යන අය. කුලී නිවාස ප්‍රශ්න ගැන කියන ජනපති වෛද්‍ය හේතු නිසා ළඟ පාසලක් ඉල්ලපු, පදිංචි ස්ථිර නිවස පාසලෙන් කිලෝමීටර 35 ක් වගේ වුණු අපිට දෙන සහනය කුමක්ද? දරු දෙන්නෙක් පාසල් යවන ගමන් තිස්දාහක විතර ගමන් ගාස්තුවක් දරන්නේ කොහොමද?