
ඉන්දිකා රාමනායක
ගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බළකා කඳවුරට අයත් සුබසාධන අලෙවිහල බිඳ රුපියල් ලක්ෂ 2ක පමණ දුම්වැටි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
එහි ඉදිරිපස කවුළුව බිඳ ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවට යුද හමුදා පොලිසිය කළ දැනුම් දීමකට අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර ඇත.
මෙම සොරකම ඊයේ අලුයම කාලයේ සිදුව ඇති බවට යුද හමුදා පොලිසිය මින්නේරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
යුද හමුදා කඳවුර පිහිටියේ පවත්වාගෙන යන මෙම සුබසාධක අලෙවි අසල පිටස්තර පුද්ගලයන්ට නිකරුණේ රැඳී සිටීමට අවසර නොමැති අතර එහි පිහිටීම ඇතුළු විය හැකි ස්ථාන සම්බන්ධයෙන් මනා වැටහීමක ඇති හා එහි දුම්වැටි තබා ඇති ස්ථාන හොඳින් දන්නා පුද්ගලයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
මේ සම්බන්ධයෙන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගිරිතලේ කඳවුරේ කඩේ කඩා ලක්ෂ දෙකක දුම්වැටි උස්සලා
කීර්ති වර්නකුලසූරිය Tuesday, 06 June 2023 08:40 AM
අපෙ රණවිරුවන් රැක ගනීමට සියලු ජනයා පාරට බසිය යුතු අවස්තාව මෙ. රණවිරුවන් විදුලි පුටු වලට රැගෙන යන මෙවන් බටහිර කුමණ්ත්‍රන වලට එරෙහි වෙමු.
බද්‍ර කල්යාණි Tuesday, 06 June 2023 08:41 AM
අපෙ රණවිරුවන් රැක ගනීමට සියලු ජනයා පාරට බසිය යුතු අවස්තාව මෙ. රණවිරුවන් විදුලි පුටු වලට රැගෙන යන මෙවන් බටහිර කුමණ්ත්‍රන වලට එරෙහි වෙමු.