IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිය අවුරුද්දේ ’’බාර් ලයිසන්’’ 150 ක් දීලා

 

(සුජිත් හේවාජුලිගේ)

මත්පැන් බලපත්‍ර 150 ක්  පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ  ඇත්තේ  සංචාරක මණ්ඩලයේ අනුමත  හෝටල් සහ අවන්හල් සඳහාය. එම සංඛ්‍යාව  81කි.

ඊට අමතරව සුපිරි වෙළෙඳසල් සඳහා  බලපත්‍ර 69 ක් පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි  සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් ( නගරවල) විවෘත කිරීමට එකම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයිද  හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර  මත්පැන් අලෙවිසල්වල  මත්පැන් බෝතල්වල ස්ටිකර්  හෝ  ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු  ලබන සතියේදී අරඹන බව   පැවසූ  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් බෝතල්වල ස්ටිකරය ඇලවීමේ කටයුතු  ආරම්භ කර කරගෙන යන බවද  පැවසුවේය.

ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු  මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බවත් බදු නොගෙවන සහ  ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල්  වෙළෙඳපොළට  පැමිණීම වැළැක්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවත්  ගුණසිරි මහතා කීවේය.

ප්‍රමිතියක් නැති මත්පැන් බෝතල් සියයට හතක් පමණ වෙළෙඳපොළේ පවතිය  හැකි බව ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (20)

ගිය අවුරුද්දේ ’’බාර් ලයිසන්’’ 150 ක් දීලා

Kachana Saturday, 08 January 2022 03:17 PM

ප්‍රමිතියෙන් අඩුවුණාට කමක් නැහැ... වෙරි වෙනවා නම්..!!!

:       2       28

Kumara Saturday, 08 January 2022 04:01 PM

ජොනියට ජයවේවා..!!! 

:       1       34

Ran Saturday, 08 January 2022 04:59 PM

අනේ අපේ හාමුදුරුවනේ... මොකද මේ වෙන්නේ... දැන් සැපද..?

:       5       31

බණ්ඩාර Saturday, 08 January 2022 09:04 PM

සෞභාග්‍යය දැක්මේ තවත් ප්‍රතිඵලයක්....

:       1       4

Rohana Saturday, 08 January 2022 09:36 PM

රටේ ආහාර, ඛනිජ තෙල්, ගෑස් හිඟවුණත්, ආදායම් මාර්ග නැතිවෙලා ගියත් මත්පැන් ටිකක් අරගත්තාම ඒ ප්‍රශ්ණ අමතක කරන්න මත්පැන් ටිකක් තොලගාගන්න අලෙවිසැල් නැතිකම විශාල අඩුපාඩුවක් වෙලා තිබුණු නිසා රජය විසින් ගනුලැබූ කාලෝචිත පියවරකි...

:       0       4

ගමේ එකාලා Saturday, 08 January 2022 10:27 PM

ඒ කාලේ කිව්වේ නම් කොහොමද? මතට තිත කියලා.

:       0       5

BamunuarachchiMonday, 10 January 2022 10:40 AM

හලෝ ඔහේ බොන්නේ නැතිනම් බොන කෙනාගේ මතට තිත් තියන්න හිතනවාට වඩා වෙන කරන්න පුළුවන් දේ ගැන හිතන්න. අපේ බේබදුකම හින්දා තමයි රජයෙ සේවකයින්ට වැටුප් ලැබෙන්නේ.

:       7       1

Perera Saturday, 08 January 2022 11:08 PM

මතට තිතද? තිතට මතද මන්දා...? වෙරි හින්දා හිතාගන්න බැහැ.

:       0       8

BamunuarachchiMonday, 10 January 2022 10:37 AM

බොන්නේ නැතිනම් බොන කෙනාගේ මතට තිත් තියන්න හිතනවාට වඩා වෙන කරන්න පුළුවන් දේ ගැන හිතන්න.

:       6       1

චමින්ද කුමාරගේ Sunday, 09 January 2022 04:34 AM

ගම් මට්ටමේ නිෂ්පාදනය කරන දේ අතමිට හිඟ අයත් තරමක් හැකියාව ඇති අය ඔවුන්ගේ කටයුතු සඳහා පාවිච්චියට ගන්නවා. ගම් මට්ටමේ රැකියා නැති ආදායම් නැති දේශපාලන ශක්තියත් තියෙන අය නිෂ්පාදනය කරනවා. මේවාටත් ප්‍රමිතියකින් නියමකර රටේ ආර්ථිකය දුප්පත් මේ කාලයේ ඔවුන්වත් ලියාපදිංචි කළොත් නරකද?

:       0       4

MO77 Sunday, 09 January 2022 08:25 AM

මෙම ලයිසන් ක්‍රමයෙන් ඇති වන්නේ කළු ආර්ථිකයක්. අනික් රටවල් වගේ මත්පැන් බෝතලයකට බදු අයකරමින් නීතියානුකූල ඕනම වෙළඳසැලකින් විකිණීමට පහසුකම් සැපයීම හොඳ දෙයක්. රජය ආර්ථික කටයුතු මෙහෙය විය යුතු අතර ආගමික සංස්ථා මඟින් රටේ සදාචාරය ඇති කිරීමට කටයුතු කළ යුතුයි. ආගම් මගින් කළ යුත්තේ පුද්ගලයා දියුණු කිරීම මගින් ඔහුගේ දුසිරිතක් අඩු කිරීමයි.

:       0       14

Shan Sunday, 09 January 2022 01:52 PM

අර බෙන්ස්වලට, කුලපතිකම්වලට ගෝඨාභයගේ පස්සෙන් යන අයට මේවා පේන්නේ නැද්ද මන්දා...

:       0       6

mohomed agarapatana Sunday, 09 January 2022 02:28 PM

කියන්නේත් බෞද්ධ රට කියලා...

:       0       7

BamunuarachchiMonday, 10 January 2022 06:13 PM

අපිට බොන්න පුරුදු කලේ ක්‍රිස්තියානි, පෘතුගීසි කාරයින්.., හරක් මස් කන්න පුරුදු කලේ මුසල්මානුවෝ. අපි මුසල්මානුවන්ට බොන්න පුරුදුකළා. බයිට් එකට සූකර මස් පුරුදු කළා.

:       2       0

විපරමා Sunday, 09 January 2022 06:43 PM

බාර්වලට ලයිසන් දුන්නාට, ඕවට නොයන අයත් ඕනෑතරම් ඉන්නවා. ගම්වල හොරෙන් පෙරන තැන්වලට යන අය... පොලිසියෙන් ඇල්ලුවාම පගාව දීලා බේරෙනවා...

:       0       3

69 ශ්‍රී 2018Sunday, 09 January 2022 07:31 PM

මොනවා කලත් ගමේ හොරෙන් පෙරන කෙනා පෙරනවාමයි. මෙයින් සමහර නිළධාරීන් පගා ගන්නවා තමයි. කොහොම කලත් නතරවෙන්නේම නැහැනේද. එනිසා වසරකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් අයකර බලපත්‍රයක් දුන්නොත් පොලිසියට වැටලීම් කරන්න අවශ්‍ය නැහැ. ඒ හොර අරක්කු හෝ කසිප්පු කාරයෝ 50000 සිටියොත් කීයක් ගතහැකිද. රටේ අහිංසක ජනයාගෙන් නොගෙන අයවැය පියවන්න පුලුවන්නේද.?

:       0       0

Sriland Monday, 10 January 2022 01:48 AM

මතට තිත කිවුවාට බාර් වලට තිත කිවුවේ නෑ නේ.අපිටයි වැරදුනේ 74 % ක් බෞද්ධයෝ ඉන්න රටක් කියන්නේ ඒ වෙනුවට 74% බාර් තියෙන රට කිවුවානම් හොඳයි

:       0       2

anjana chanuka Monday, 10 January 2022 02:59 PM

සෞභාග්‍යයේ දැක්ම කොහොමද

:       0       1

BamunuarachchiMonday, 10 January 2022 06:15 PM

ඉල්ලුම සහ සැපයුම.... ඇයි මොකක්ද වැරැද්ද?

:       2       0

Geethani Ranjika Tuesday, 11 January 2022 01:24 PM

අනර්ඝයි ,සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 26 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 436 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 392 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 129 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1396 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 359 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site