IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ගිනි අවි කම්හලක් වටලයි

(කුෂාන් ජයවර්ධන‍)

නීතිවිරෝධී ගිණි අවි සොයා සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ගිණී අවි 06ක් සමග සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගිරානේගම පොලිසිය කියයි.  

ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී නිශ්ශංක මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා ඇතුලු නිලධාරීහු පිරිසක් මෙම වැටලිම සිදු කළහ.

ගිරානේගම කරකොලගයාය ප්‍රදේශයේ පුද්ගලයකු ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිණි අවි කම්හලක් වටලා එහි නිෂ්පාදිත බෙහෙත් කොටන නීතිවිරෝධී තුවක්කු දෙකක් ද බඳින තුවක්කු 03ක් ද එම කම්හලේ නිෂ්පාදනය කරමින් පැවැති තවත් එවැනි නීතිවිරෝධී බෙහෙත් කොටන තුවක්කුවක යාන්ත්‍රික කොටසක් හා බඳ කොටසක් ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

එම නීතිවිරෝධී ගිණී අවි කම්හල පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹුළුහල්මිල්ලවැව උල්පතයාය  පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයකි.

වත්මන් රජයේ හා නව පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයට අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.

 



අදහස් (0)

ගිනි අවි කම්හලක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31038 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13174 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10944 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 16 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 874 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 261 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site