IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගිනි අවි උණ්ඩ සමග තුනක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ටි 56 ගිනි අවියක් සහ උණ්ඩ 27 ක් හා මැගසිනයක් කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය 60 වත්තේදී තිබී සොයා ගැනීමෙන් පසු සිදුකළ විමර්ශන වලදී පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

සොයාගත් එම ගිනි අවියේ අංක මකා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ගෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතාට ලද තොරතුරකට මෙම ගිනි අවිය සහ මැගසිනය සමග  උණ්ඩ 24 ක් හා ඊට අමතර තවත්  උණ්ඩ 03 ක් එම ස්ථානයේ තිබී සොයාගනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම ගිනි අවිය සහ උණ්ඩ එම ස්ථානයට දමන ලද පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පැය 48 ක කාලයකට රැඳවුන් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කරමින් සිදුකළ විමර්ශන වලදී පළමු සැකකරුගේ නිවස පිටුපස බැල්කනිය මත තවත් පුද්ගලයකු ගිනි අවිය සහිත බෑගයේ තබන අයුරු සටහන්ව තිබීමෙන් අනතුරුව එම සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් හා ඔහුගේ පියාගෙන් ලබාගත් ප්‍රකාශ අනුව මෙම ගිනි අවිය දෙවෙනි සැකකරු සහ තවත් සැකකරුවකු වෙත භාරදීම සිදුකර ඇති තුන්වන සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය හා කොළඹ 14 පදිංචිකරුවන්ය.

 



අදහස් (0)

ගිනි අවි උණ්ඩ සමග තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site