
(යොහාන් භාසුර සහ ජේ.කේ.එල්.චාමින්ද)
ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
ඒ අනුව නවක රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට සහ අධිකරණය සමඟ සාකච්ඡා කර අධිකරණ කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් දිසානායක මහතා වැඩි දුරටත් කීය.
සබැඳි පුවත්:
2024-07-15
02:25pm

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය භයානක බෝ වන වෛරස් රෝගයකි. ආසාදිතයාගේ ඛේඨය, සෙම සොටු තවත් කෙනෙක්ගේ ශරීරයේ ගෑනීමෙන් මෙය බෝවේ.