IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘ගහල පැන්නුවත් යන්නේ නෑ‘‘

(ඩයනා උදයංගනී)

ගහලා පැන්නුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන්නේ නැතැයි එහි හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

තමන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජයට සහය දක්වන කණ්ඩායම නියෝජනය කරන නවදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවද ඇමතිවරයා සඳහන් කළේය.

තම කණ්ඩායම පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හා පාක්ෂිකයා ආරක්ෂා කිරීමට සටනක් ගෙන යන බවත්, මෙම දේශපාලන භූමිකාව ගෙනයන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ලෙස බවත් හෙතෙම සඳහන් කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ගොඩනැගිල්ල, බෝඩ්ලෑල්ල හෝ අවස්ථාවාදීන් කිහිපදෙනකු නොවන බවද නිමල් සිරිපාල මහතා පැවසීය.

සර්වපාක්ෂික රජයක් පිහිටුවීම හා රජයට සහයදීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා වෙත පළමුව යෝජනාවක් ගෙන ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඔහු අමාත්‍යධූර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නියෝජිතයන් කන්ඩායමකට අවස්ථාව දෙන්නැයි ඉල්ලා ඉකුත් මැයි මස 15 වැනිදා ජනාධිපතිවරයාට ලිපියක්ද යොමු කළ බවත් ඇමතිවරයා කීය.

ඊර්ෂ්‍යාව, කුහකකම හා හීනමානය පදනම් කරගෙන තවදුරටත් දේශපාලනය කළ නොහැකි බව කී ඇමතිවරයා මේ අවස්ථාවේ රට ගොඩනැගීමට සියලුදෙනා ඒකරාශී විය යුතු බවද පැවසීය.

 



අදහස් (4)

‘‘ගහල පැන්නුවත් යන්නේ නෑ‘‘

ranjith Thursday, 24 November 2022 09:36 PM

ඔහොම ඉන්න ඊළඟ මැතිවරණයෙන් ඡන්ද බලයෙන් පන්නලා දානකම්.

:       0       6

Bamunuarachchi Friday, 25 November 2022 06:56 AM

ගහල පැන්නුවත් යන්නේ නැති අයට ගෙවලයෝ කියලා.

:       0       0

Nelum Pushpasiri Friday, 25 November 2022 09:44 AM

රරටටත් එක්ක නින්දා කළ දේශපාලනය.

:       0       1

Dasu Friday, 25 November 2022 11:04 AM

ගෙදරවත් මේ වගේ සැපට නිදාගන්න තැනක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site