





ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය
ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව හා පැරෂුට් පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ 286 දෙනෙකු විසිරයාමේ පෙළපාළියක් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.
මෙම පාඨමාලාවන් සාර්ථකව හැදෑරු ත්‍රිවිධ හමුදා නිලධාරින්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් වෙත නිල ලාංජන පැළඳවීම සහ විසිරයාම සිදු කෙරිණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිරයාම පැවැත්විණි.
ඉහත සඳහන් පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ ගුවන් හමුදා නිළධාරින්, නිලධාරිනියන්, ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 228 දෙනෙකු, යුද හමුදාවේ නිළධාරින් හා සෙබලූන් 19 දෙනෙකු, නාවික හමුදා නිළධාරින් හා නැවියන් 19 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් හා සෙබලූන් 20 ක් ඇතුළු ති‍්‍රවිධ හමුදා හා විශේෂ කාර්ය බළකා රණවිරුවන් 286 දෙනෙකු හට නිල ලාංඡන පැළඳවීම ගුවන් හමුදාපතිවරයා අතින් සිදුවිය.
ගුවන් හමුදා ඉතිහාසයට නව පිටුවක් පෙරලමින් ප‍්‍රථම වරට විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිළධාරිනියන් හා ගුවන් කාන්තාවන් පිරිසක් ද විසිර ගියහ.
මෙම අවස්ථාවට සඳහා ගුවන් හමුදා මාණ්ඩලීක ප්‍රධානී, ගුවන් හමුදා මුලික කඳවුරේ අණදෙන නිලධාරී, ත්‍රිවිධ හමුදා, පොලිසිය, සෙසු නිලයන් ඇතුළු පාඨමාලාවෙන් විසිර යන රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වුහ.
(28535)
2025 දෙසැම්බර් මස 04
281
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් නිම කළ 286 ක් විසිර යති
sirimal Wednesday, 23 January 2019 11:08 AM
රට බාරයි ඔබට පුතේ. පුළුවන් නම් අරගන්න.