IMG-LOGO

ගුවන් හමුදා ධජ ආශිර්වාද ගන්වති

(යොහාන් භාසුර )

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 72 වන සංවත්සරයට සමගාමීව පවත්වන සාම්ප්‍රදායික ධජ ආශිර්වාද පූජාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පසුගිය දා පැවැත්වීය .

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම උත්සවය සදහා සියලුම මූලික කඳවුරු අණදෙන නිලධාරීන්, විද්‍යාපීඨයේ පීඨාධිපති සහ කදවුරු අණදෙන නිලධාරීහු සහභාගි වූහ.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලුම කදවුරු හා පක්ෂාංගයන් නියෝජනය කරන සියලුම ධජයන් සදහා ආශිර්වාද සිදු කරන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරුවලින් දිවයින පුරා සේවයේ නියුතු සියලුම නිලධාරීන් හා සෙසු නිළයන් සදහා ආශිර්වාද එක් කිරීම මෙයින් සංකේතවත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා සමස්ත ගුවන් හමුදාව නියෝජනය වන පරිදි ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වූහ.



අදහස් (16)

ගුවන් හමුදා ධජ ආශිර්වාද ගන්වති

sampath Saturday, 18 March 2023 09:33 PM

ගුවන් හමුඩදාව සන්චාරක ව්‍යාපාරයන්ට ‌යොදා ගන්න බැරිද මුදල් ගෙවල ගමන් කරන්න පුලුවන් හෙලිකොප්ටර් සේවාවක් හදුන්වා දුන්නොත් නරකද

:       130       3

කුහකකම හා අමනකමTuesday, 21 March 2023 06:20 AM

අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ මෝඩකම් නම් ඉහවහා ගිහින් තියෙන්නේ. සාමාන්‍ය සංචාරක කර්මාන්තයට යොදාගන්න ගුවන් යානාවල ඉන්ධන කාර්යක්ශමතාවයයි හමුදා ගුවන් යානාවල තත්ත්වයයි වෙනස තේරෙන්නෙ නෑ. මේක හරියට නිකන් තියෙන යුධ ටැංකි, බෆල් රථ වලින් සංචාරකයො එක්ක යමු කිව්ව වගේ තමයි. රටක ගුවන් හමුදාවේ යානා, හෙලිකොප්ටර් භාවිතා කරන්නේ ආරක්ශක තත්ත්ව වලදී විතරයි. සංචාරකයන්ට ජීවිත අවධානමක් තියෙන අවස්ථාවක් ආවොත් අනිවාර්යෙන් ගුවන් යානා භාවිතා කරන්න පුලුවන්. මෙතන තියෙන්නේ වෙන මොකවත් නෙමේ, බෞද්ධකම ගැන තියෙන ඉරිසියාවයි කුහකකමයි. මේ ප්‍රවෘත්තිය මඩු පල්ලිය ගැන උනා නම් මුන් මෙහෙම කියන්නෙ නෑ.

:       1       57

Senaka Saturday, 18 March 2023 09:35 PM

තුනුරුවන් සරණින් අපේ හමුදාවේ සියලු දෙනාටම යහපතක්ම වේවා!

:       3       155

ප්‍රේමකුමාර Sunday, 19 March 2023 03:50 AM

මේවගේ මිත්‍යාදෘෂ්ටික දේවල් ලෝකයේ වෙන කොයිරටකවත් කෙරෙන්නේ නැහැ...

:       192       44

sukumalaSunday, 19 March 2023 02:43 PM

මේ විහිළුවට වසරකට මහජන මුදල් කොපමණ ප්‍රමාණයක් නාස්ති කරනවාද? අනික මේවාට මොන මගුලකටද ගෙවල්වල ඉන්න ගැහැණු එන්නේ? මේවාටම හරියන ගනින්නාන්සේලාත් අපේ රටේ ඉන්නවානේ? රජයෙන් දැඩි තීරණ ගතයුතුයි.., මේ වගේ විහිළු වැඩවලට මහජන මුදල් නාස්ති නොකරන්න. මේ මගුල වෙනුවෙන් වාහන නම් කීයක් කොළඹ ඉඳලා මෙතැනට යන්න ඇතිද?

:       126       34

Prageeth WeeasingheSunday, 19 March 2023 11:23 PM

මෙතැන තියෙන්නේ ධජ ආසිරි ගැන්වීමේ විරෝදය නොව, එය සිංහල-බෞද්ධ ක්‍රමයට කිරීමය! අර එංගලන්තේ මැරුණු මහ රැජිනගේ කුණු දේහය වටේ අරගෙන යනකොට, ඔය පඩ්-නැටිටෝ සම්යෞක්-දෘෂ්ටික වෙලාද හිටියේ?

:       8       75

JayasekaraMonday, 20 March 2023 11:07 AM

ඔයිට වැඩිය මිත්‍යා දුශ්ටික දේවල් ඔය අල්ලපු රටෙ ඔන තරම් වෙනව.. ගිහින් නැත්තම් එහෙ ගිහිල්ල ගංගානම් ගග ගාව ඉදල බලාගන්න ...... මිත්‍ය දුශ්ටික වැඩ ඔන තරම් ලොකෙ සිද්ද වෙනව.....

:       32       6

මිත්‍යා සාගරේTuesday, 21 March 2023 06:26 AM

ඕකම ක්‍රිස්තියානි පල්ලියට ගෙනිහින් කරන්න කියලයි මේ කොමෙන්ට් කාරයා කියන්නේ. අපි නොදන්න මොනරතැන්නයි මිත්‍යාවයි. තමන් කුණු ගොඩේ එරිලා, කුණු නාන ගමන් කියනව අනිත් එකාගෙ කමීසෙ උඩ කෝඳුරුවෙක් වහලා කියලා.

:       1       48

jayasekaraTuesday, 21 March 2023 09:08 AM

ප්‍රගීත් වීරසිංහ., මහත්තය නියම උත්තරේ උබට දීල තියෙනව.. මහ රැජිනිගෙ කුනු දේහය දවස් ගනන් රට වටෙ අරගෙන යනකොට පල්ලි ගානෙ තියාගෙන පවුම් ලක්ශ ගානක් වියඩම් කරනකොට.... උබ හිටියෙ මෙ ලොකෙ නෙවේද?... ඔකට කියන්නෙ සින්හල බෞද්ධ විරෝදී රැල්ල කියල... එතකොට රැජිනිගෙ දේහය දවස්ගානක් පල් කරල... ආසිරි ගැන්නුවෙ බොලාගෙ ආච්චිගෙ ගෙදර ලිදේ වතුරෙන් වෙන්න ඇති?..... ජාතියක් ජන්මයක් නැති කාලකන්නි....

:       1       33

joshapinTuesday, 21 March 2023 03:52 PM

සමහරු හමුදාවට බැඳුනා ඇත්තටම රට බේරාගැනීමේ අදහසින්. තවත් සමහරු තමන්ට රස්සාවක් නැතිකමට හමුදාවට බැඳුනා . හැබැයි මේ දෙගොල්ලන්වම රණවිරුවෝ කියල ලේබල් කරලා ඇන්දුවා. සමහරු ඇඳගත්ත . සමහරු තමන්ගේ රජකරිය කරල නිහඬව පැත්තකට උනා . නමුත් සමහරුන් අර ඉස්සර වගේම ඇන්දීම තවමත් බලාපොරොත්තු වෙනවා . ඒ අය තමයි ඔය අහිමිවීම දරාගන්න බැරිව ලතොනිදෙන්නේ. ඇත්තටම රටට ආදරෙන් හමුදාවට බැඳුනු කෙනෙක් රජයේ දෙපළ වලට වංචා කරන්නේ නැහැ . අඩුම තරමේ කාබන් පැනක් හරි හොරෙන් ගෙදර ගෙනාපු නැති කෙනෙක් නම් ඔවුන්ට ඇත්තටම තමන් රණවිරුවෙක් කියල කියන්න පුළුවන්. එහෙම ය කීදෙනෙක් ඉන්නවද? ඇත්ත තිත්තයි. එනිසා ඇත්ත කියනකොට සමහරුන්ට රිදෙනවා. එතකොට වෙන වෙන වල බයිලා කියමින් වටේ යනවා මිසක පොයින්ට් එකට උත්තර දෙන්න බැහැ . බැරිම තැන කුණුහරුපෙන් බනිනවා .

:       1       1

kamal Sunday, 19 March 2023 04:17 PM

මේක සිංහල බෞද්ධ ගුවන් හමුදාවක් මිස ශ්‍රී ලාංකික ගුවන් හමුදාවක් නොවෙයි.

:       72       19

ලුම්බිණි Monday, 20 March 2023 04:17 AM

කරන්න දෙයක් නැති උනාම බොරුවට උත්සව තියන එක අද කාලේ සාමාන්‍ය දෙයක් වෙලා.

:       39       10

kumara Monday, 20 March 2023 09:31 AM

යුද්ධයක සේයාරුවක් වත් දැක නැති පට්ට පොරවල් දාන කමෙන්ට්ස්! අහල බලපල්ලා යුද්ධෙකට ගිය සොල්දාදුවෙක්ගෙන් තමන්ගේ රට රැක ගන්න යන ගමනේදී ඕනෑම ආගමක ආශීර්වාදය කොතරම් ආත්ම විශ්වාසයක් ඇති කරනවද කියල.

:       7       55

karunawathiMonday, 20 March 2023 03:02 PM

අපි නම් අහල තියෙන්නේ බුදුහාමුදුරුවෝ මිත්යාදෘෂ්ටියෙන් මිදෙන්න කිව මිසක්කා අරයා කරා මෙයා කරා ඒ නිසා අපිත් කරමු කියා කියා මිථ්‍යාදෘෂ්ටියම අනුගමනය කරන්න කියල දේශනා කරලා නැහැ කියලයි. අනික අපි අහල නැහැ බුදු හාමුදුරුවෝ යුද්දෙට යන්න ලෑස්ති වුනු අයට ආශිර්වාද කලා කියල . යුද්ද වලක්වන්න නම් බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලාතියෙනවා. අනික මෙතන කථාකරන් සමහර අයට යමක් හරි හැටි තේරුම්ගන්න තරම් බුද්ධියක් නැතිබව පෙනෙනවා . අපි කවුරුවත් හමුදා සමාජිකයින් යුධබිමේ කල කැපකිරීම් අගය කරනවා මිසක ඒ කිසිවක් පහත් කොට සලකලා නැහැ . රටක් ගෙනියන්න නම් කසල ශෝධකයාගේ පටන් හැම තරාතිරමකම අය අවශ්‍යයි . එනිසා අපි තමයි පොරවල් නැත්නම් උඹල ඉවරයි වගේ ගොන් කතා කියමින් සමාජ බෙදන්න හොඳ නැහැ .

:       20       8

sarathMonday, 20 March 2023 03:18 PM

යුද්දයකට රටේ ඉන්න සිස්යළුම පුරවැසියෝ යන්නේ නැහැ . නමුත් යුද්දය තිබුන කලේ රටේ අනිත් මිනිස්සුත් වෙනත් වෙනත් ආකාරයට කැපකිරීම් කලා යුද්දය වෙනුවෙන් . එනිසා අපි විතරයි පොරවල් කියල සිතීම සුදුසු නැහැ . මම අඩුම ගන්නේ 800 ක් වත් සෙබළුන්ගේ ජිවිත බේරලා ඇති දොස්තර කෙනෙකු හැටියට . ඒ පුරවැසියෙක් හැටියට මගේ දායකත්වය. හෙදියන් , උපස්ථායකයින් හා අනෙකුත් අයත් එහෙමයි. දිසාපති ගේ පටන් ග්‍රාමසේවක මහතාත් තමන්ට හිමි රාජකාරිය රටවෙනුවෙන් කරනවා . එනිසා කිසිවෙකු අව තක්සේරු කිරීම හෝ අධි තක්සේරුකිරිම අනුවන ක්‍රියාවක් ලෙස මට හිතෙනවා. ඔය හැම තරාතිරමකම හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා . ඒබව දිනපතා පත්තරවල මුල්පිටු වල පලවෙන තොරතුරු මගින් ඕනෑවටත් වඩා පැහැදිලි වනවා .

:       2       18

AluvihareMonday, 20 March 2023 06:00 PM

සභාවේ සිනා... මැරුම් කන්න බලාගෙන යුද්දෙට ගිය අපි වගේ ඔටුවන්...

:       20       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 22 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site