IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට   50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි   වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

මේ තීරණය ගුවන් සමාගම්වලට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.

මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

පළමු අවුරුද්දේදී ගාස්තුවලින්   සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අතහරින්නත්  සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

මීට අදාළ නියෝග මැතිසබයට ඉදිරිපත් කරන බවද  අමාත්‍යවරයා කීවේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.



අදහස් (3)

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි

Sampath Tuesday, 06 June 2023 06:13 PM

ඕක මහ තේරුමක් නැති වැඩක්... එක දිගට අවුරුදු 03ක් ආවොත් 4 අවුරුද්ද නොමිලේ දෙන්නම් කියන්න තිබුණේ නැද්ද? දැන් අතින් කාලා හරක් බලලා ඒ බරත් ජනතාවට දෙන්න හදන යෝජනාවක් මේක...

:       0       0

චන්දන Tuesday, 06 June 2023 08:22 PM

ඒවා අඩුකරලා අපේ මාංශ හූරගෙන කාපල්ලා.

:       0       1

Bamunuarachchi Thursday, 08 June 2023 06:40 AM

මේ මොන ගොබ්බයෙක්ද? මේ නිසා රටට වෙන වාසිය පෙන්නන්නේ නැහැ බඩ ගොස්තරය තමයි ලොකු. පිනට කන්න දෙනවා නම් රටට හෙන ගැහුවත් කමක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site