IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් යානයේ ප්‍රමාදය ගැන ඇමති උත්තර දෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ තරුණයන් පිරිසක් කොරියාවේ රැකියා සඳහා රැගෙන යෑමට සූදානම්ව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රමාද වූයේ  නියමුවා අසනීපවීම නිසා බවත් නිවාඩු ලබා සිටි ගුවන් නියමුවන් විසි දෙනාගෙන්  මේ අවස්ථාවේදී ඒ ගුවන් යානය රැගෙන යෑමට රට වෙනුවෙන් ඉදිරිපත් වන්නැයි  දැනුම් දුන්නත් එකම අයකු  හෝ ඉදිරිපත් නොවූ බවත් වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

රුපියල් සත පසුපස  හඹා යන ලෝකයේ  මෙවැනි දේවල් සිදුවීම අරුමයක් නොවන බවද  ඔහු  සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා  කළ කතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

ගුවන් යානයක් පරක්කුවීම නිසා කොරියාව ගිය පිරිසකට රැකියා නැතිවුණා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙතන  කිව්වා. එදා කොරියාවට යෑමට  තිබූ ගුවන් යානයේ නියමුවා අසනීප නිසා යන්න බෑ කියලා තියෙනවා. ඔහු ඒ සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒ සහතිකය සභාගත කරනවා.ප්‍රධාන ගුවන් නියමුවා නැතුව ගුවන් යානයක් ගෙනියන්න බැහැ. තව නියමුවන් විසි දෙනකු  හිටියා. නමුත් ඒ සියලු දෙනා හිටියේ නිවාඩු ලබාගෙන.

ඒ අයගෙන් රට වෙනුවෙන්  ඉල්ලා සිටියා එන්න කියලා. නමුත් එක්කෙනෙක්වත් ඉදිරිපත් වුණේ නෑ.

සහෝදර  නිලධාරියකු අසනීප වෙච්ච වෙලාවේදීවත්  සහයෝගයක් දෙන්නේ නැහැ. රුපියල් සත පස්සේ හඹා යන යුගය කියන්නේ මේක.

මේ සිද්ධිය ගැන සමහර මන්ත්‍රීවරුන් විවිධ කතා කිව්වා.කට තිබුණු පලියට මෙතන බොරු කියන්න එපා. මේ සභාව නොමඟ යවන්න එපා.

කටුනායක  ගුවන්තොටුපොළේ ගසා කන ටැක්සි රියදුරන්ට  ඉඩදීමද අප කළ යුත්තේ. ටැක්සි රියදුරන්ගේ නොමනා හැසිරීම් පිළිබඳව පැමිණිලි රාශියක් ලැබෙනවා. වැඩිපුර අය කිරීම් පිළිබඳව.ඌබර් පික්මී  වාහන මේ රටේ අයගේ. මෙය නවීන ප්‍රවාහන  ක්‍රමයක්. සාමාන්‍ය ටැක්සි රියැදුරකු කොළඹට එන්න රුපියල් හයදහස් පන්සියයක් ගන්නවා. මේ අය ගන්නෙ තුන්දාහයි.ඉතින් මේ වැඩපිළිවෙළ නරකද.



අදහස් (2)

ගුවන් යානයේ ප්‍රමාදය ගැන ඇමති උත්තර දෙයි

Prabha Thursday, 22 June 2023 06:47 PM

උන් විසි දෙනාටත් බොට වගේම නිදිමත ඇති

:       0       0

චතුර පමුණුව Friday, 23 June 2023 08:12 AM

සිරි ලන්කන් වහාම, කාට හෝ විකුණා දැමිය යුතුයි . එසේ කිරීමට නොහැකි නම් වහාම වසා දැමිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site