ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, අහමදාබාද් නුවරදී අනතුරට පත්වුණු එයාර් ඉන්දියා මගී ගුවන් යානයේ, කළු පෙට්ටියට අයත්, නියමු කුටියේ නියමුවන්ගේ කතාබහ පටිගත කෙරෙන උපාංගය හෙවත් නියමු කුටියේ හඬ රෙකෝඩරය (Cockpit Voice Recorder – CVR) මේ වනවිට සොයාගෙන ඇත.
අනතුර සිදුවන්න පෙර, අවසන් මොහොතේ යානයේ නියමුවන් අතරේත් පාලන මැදිරිය අතරේත් සිදුවූ කතාබහ මෙම උපාංගයේ පටිගත වී ඇත.
මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242 දෙනකු රැගත් එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානය, ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී අනතුරට පත්වූයේ පසුගිය සතියේය.
ගුවන් යානයක කළු පෙට්ටිය යනුවෙන් හැඳින්වෙන්නේ උපාංග දෙකකි. පියාසැරි දත්ත රෙකෝඩරය (Flight Data Recorder - FDR) සහ කොක්පිට් හෙවත් නියමු කුටියේ හඬ රෙකෝඩරය (Cockpit Voice Recorder – CVR) යනු එම උපාංග දෙය.
මේ වනවිට පියාසැරි දත්ත රෙකෝඩරය (Flight Data Recorder - FDR) ද අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන නිලධාරීන්ට හමුවී ඇත. හැකි ඉක්මනින් අනතුරට හේතුව කුමක්දැයි හෙලි කළ හැකි වේවි යැයි විමර්ශන නිලධාරීහු පවසති.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගුවන් යානයේ කළු පෙට්ටි දෙකම හමුවෙලා
ගුණරත්න Tuesday, 17 June 2025 08:22 AM
අනතුරට හේතුව සොයාගැනීම මියගියවුන්ට කෙරෙන උපහාරයක්. සොයාගන්නා අලුත් තොරතුරු ඉදිරියේදීත් මගී ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට ගුවන්යානා නිෂ්පාදකයන් යොමුවේවි.