IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි

ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවිය.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා නිල ගුවන් යානය ලෙස භාවිතයට ගන්නේ නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යානයකි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පිරිවර රැගෙන ජපානය බලා ගමන් ආරම්භ කළ එම ගුවන් හමුදා යානය පැපුවා නිව්ගිනියාවේදී ඉන්ධන පුරවා ගැනීමට ගොඩබෑ අවස්ථාවේදී දෝෂය හටගත්තේය. එය යානයේ එක් තටුවක දෝෂයක් බව ද පැවැසෙයි.

වෙනත් ගුවන් යානයක් ද නොතිබුණු බැවින්, අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ සහායකයන් කීප දෙනකු පමණක් හොංකොං හරහා සාමාන්‍ය මගී ගුවන් යානයක මගීන් අතරේ අසුන්ගෙන ටෝකියෝ අගනුවර බලා ගිය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි

UPALI Monday, 17 June 2024 02:42 PM

තවමත් ඔහු පළමු පන්තියේ ආසනවලද යන්නේ...!

:       1       5

Chandima Monday, 17 June 2024 04:18 PM

ඒකනේ අපේ ජනාධිපති හෙලිකොප්ටර් 3ක් අරන් යන්නේ...!

:       3       19

ගම්කබරයා හෙවත් නාකි මයිනා Monday, 17 June 2024 04:38 PM

ආපෝ.. මගේ බල්ලාවත් සාමාන්‍ය මගින් එක්ක එකට ප්ලේන් වල යන්නේ නැහැ. චික් විතරක් උන්ගේ ගඳ... මතකයිනේ ශ්‍රී ලන්කන් එකට වුණුදේ? මට ඕනෑ වෙලාවට මගේ "පිරිවර " 75 ක් එක්ක එකට එන්න ප්ලේන් එකක් දෙන්න බැහැ කිව්ව පීටර් කාරයාව එළවලා දැම්මා.. සමාගම ඒ වෙලාවේම රජයට පවරාගත්තා. මගේ මස්සිනාව ලොක්කා කරලා දැම්මා... ඔය දැනටත් ෂෝක් එකට දුවන්නේ. මගේ වැඩ එහෙමයි හාන්දුරුවනේ...!

:       3       39

Prabha Tuesday, 18 June 2024 04:47 PM

චා චා ඒක තත්වෙට හරි නෑනේ.ලංකාවේ ජනාධිපතිගෙන් චුට්ටක් අහන්න ඒ වගේ වෙලවාට මොකද කරන්නේ කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site