( තිළිණි ද සිල්වා )
සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ මේ මස 21 වැනිදා සිට නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
ඒ අනුව වෙන් කරන ලද එම හෝටල් සමග ගනුදෙනු කිරීම (ප්‍රවේශවීම) ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත්කෙරෙන බව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
වෙන් කරන ලද මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්ග්, සීට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල් ජාලවලට අයත් හෝටල් මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වේ.
මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල්වලට අදාළ වෙරළ තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිශ්‍රවලට ප්‍රවේශවීම සීමා කෙරෙන බවයි.
විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල්වලට අයත් වෙරළ මායිම්වල වැටවල් ඉදිකිරීමටද සංචාරක සංවර්ධන අධිකාරිය විසින් උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල තුළ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතුවේ.
පසුගිය ඉකුත් 15 දා වනවිට හෝටල් 55 ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අධිකාරිය අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් කරයි
සමින්ද Friday, 22 January 2021 06:32 PM
එන්නත විදගෙන ආවොත් සාමන්‍ය විදියට සන්චාරය කරන්න පුළුවන් විදියට මෙම ක්‍රමය හඳුන්වා දෙන්න, අනිත් දේ තමයි අපේ රටේ විසා නිකුත් කරන විට එන්නත විදගෙන ඒම අනිවාර්යය කරන්න. මෙ රටේ සාමන්‍ය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කුඩා ව්‍යාපාර වෙනුවෙන්... ලොකු ව්‍යාපාර වෙනුවෙන් විතරක් හිතන්න එපා... එන්නත අපෙ රටේ දෙන විට සංචාරක ව්‍යාපාරයේ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න. මුලින් දෙන්න බලන්න