IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගුවන් ආසන වෙන් කරන්න ලංසු ක්‍රමයක්

(අංජුල මහික වීරරත්න)

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සඳහා සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් වර්තමානයේ Plusgrade පද්ධතිය උපයෝගි කරගනු ලබයි. 

ව්‍යාපාරික පංතියේ වෙන් කර නොගත් ආසන පවතින අවස්ථාවේදී පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට් පතක් හිමි මගියෙකුට ව්‍යාපාරික පංතියේ ටිකට්පතක් ලබා ගැනීම සඳහා ලංසු තැබීමේ අවස්ථාව සැලසීම මඟින් ගුවන් සේවාව සඳහා ආදායම් මට්ටම ඉහළ නැංවීම මෙම සේවය ඔස්සේ සිදුවේ. 

මෙම සේවාව පවත්වා ගෙන යාම සඳහා ජාත්‍යන්තර තරගකාරී ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 2ක් ලැබී ඇතැයි රජය පවසයි.

 එම ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා  ‌කොන්ත්‍රාත්තුව Plusgrade Inc වෙත වසර 5ක කාලසීමාවකට පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (5)

ගුවන් ආසන වෙන් කරන්න ලංසු ක්‍රමයක්

Kumasaru Tuesday, 16 July 2024 08:30 PM

තීරණයේ නිවැරදි බව තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාවලිය නැවත බැලීම වඩා හොඳය.

:       0       2

chandima Tuesday, 16 July 2024 09:35 PM

රටම විකුනලා යන්න යන්නේ නේද ?ශ්‍රී ලංකන් ගුවන් සේවය වහලා වෙන නමකින් වෙන එකක් අරපුවාම ඉවරනේ

:       1       3

Rata Perata Tuesday, 16 July 2024 10:21 PM

මේක දැනටත් අපේ ගුවන් සේවයේ තියනවා .ආයෙත් කවුරුහරි දේසපාලුවෙක් සල්ලි ටිකක් ගහගන්න වගේ හදන්නේ .මතකනේ අපේ නිලධාරීන් හරියට කරගෙන ආපු වැඩේ VFS එකට දුන්න ගේම

:       0       7

Prabha Wednesday, 17 July 2024 12:18 AM

වෙලාවට වැඩ කරන්න බැරි උන්ගේ ටිකට් ගන්න මොලේ හොඳ නැති උන් මේ ලෝකේ නෑ

:       0       4

ලුම්බිණි Wednesday, 17 July 2024 07:38 AM

මේක දැනටමත් තියෙනවා නේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site