IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවනේදී මනමාලකම් කළ මගියා අත්අඩංගුවට

( ටී.කේ.ජී.කපිල )

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට  ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද(16) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය කියයි.

 මොහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි , එම ප්‍රදේශයේ වැඩ පොළක් පවත්වා ගෙන යන්නෙකි .

මොහු  ඊයේ(15)  දින රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණෙන අතරවාරයේ , අධික ලෙස බීමත්ව , එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ. 

මෙම සිදුවීම පිළිබද වහාම , එම ගුවන් සේවිකාවන් දෙදෙනා , ගුවන් යානයෙහි ගුවන් නියමුවාට වාර්තා කිරීමෙන් අනතුරුව , ඔහු මේ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පාළක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ .

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් , මොහු අත් අඩංගුවට ගෙන , කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දී තිබේ .



අදහස් (2)

ගුවනේදී මනමාලකම් කළ මගියා අත්අඩංගුවට

බටලන්දේ ප්‍රේමවතී Sunday, 16 March 2025 10:06 AM

තාම වෙරිනං පොලිස් කාන්තාවන් අමරුවේ.

:       2       16

prasanna Monday, 17 March 2025 10:36 AM

මුළු රටම මෝල් වෙලා ඉන්නේ .ගුවනෙත් මෝල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site