(ටෝනි කරුණානායක)
මනුස්ස ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසියේ රඳවා සිටියදී එම සැකකරුට පලායාමට ආධාර අනුබලදීම, ඒ සම්බන්ධව කුමන්ත්ර ණය කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු හිමිවරුන් දෙදෙනකු සහ මෝටර් රථයේ රියදුරුව ලබන 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මීගමුව මහේස්ත්රාිත් (අංක 01 ) චම්පික රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ දී නියම කළේය.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත සැකකාර හිමිවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් තිදෙනාව භාරදී තිබූ අතර කටුනායක පොලිසිය මගින් සැකකරුවන් තිදෙනාව මීගමුව මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
හෙට්ටිපොළ, රිට්ටා දෙනිය ශ්රීි ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති 38 හැවිරිදි පොත්තේවෙල ඉන්ද්ර්සාර හිමි , 41 හැවිරිදි දිවුල්වැවේ දීපානන්ද හිමි සහ වාහනයේ රියදුරු ලෙස කටයුතු කළ කලුබෝවිටියන, අඹේවෙල ප්රදදේශයේ පදිංචිකරුවෙකු වන දිලාන් පැතුම් ප්රතභාත් යන සැකකරුවන් තිදෙනාව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
රිමාන්ඩ් භාරයට පත් විහාරාධිපති හිමියන් සමග ඩුබායි රටට පලායාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව අධිකරණයේදී සඳහන් විය.
හංවැල්ල ප්ර්දේශයේ දී ආපනශාලා හිමිකරුවෙකුට ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත බස්නාහිර පලාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් එම සැකකරුට විදේශගත වීම වළක්වාලමින් අවිස්සාවේල්ල මහේස්ත්රාරත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ආගමන විගමන පාලක වෙත භාර දී තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.
ඩුබායි රටට යෑම සඳහා ඉකුත් 24 වෙනිදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි සැකකරුව ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට භාර දෙනු ලැබූ අතර එම සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටියදී හිමිවරුන් දෙදෙනා සැකකරුව පොලිස් සිරමැදිරියෙන් බේරා ගැනීම සඳහා කුමන්ත්රමණයකර ගුවන් තොටුපල පොලීසිය වෙත පැමිණ සූක්ෂම ලෙස සැකකරුව මුදා ගෙන ඇති බව කටුනායක පොලිසිය අධිකරණය හමුවේ පැවසීය .
සැකකරුට පොලිස් සිර මැදිරියෙන් පලායාම සදහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර සේනාධීර සහ එදින (24) පොලිස් ස්ථානයේ උප සේවා රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති අතර පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන් ඩබ්.කේ . සේනාරත්න නිලධාරියාව මීගමුව මහේස්ත්රාෙත් අධිකරණය මඟින් 03 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ .
කටුනායක පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජිනප්රි්ය මුදන්නායක මහතා පැමිණිල්ල මෙහෙය විය. ඇප නියම වී සිටින පොලිස් නිලධාරීන් තිදෙනාට 03 වෙනිදාට මීගමුව මහෙස්ත්රානත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටේදී අපරාධකරුට පැනයන්න අනුබල දුන් හිමිවරු දෙදෙනාත් රියැදුරාත් රිමාන්ඩ්
සමිත හිමි කුරුණෑගල Wednesday, 01 March 2023 02:24 AM
සිවුරෙන් නෙරපා දැමිය යුතුයි.
Siran Wednesday, 01 March 2023 07:16 AM
මේ ශ්‍රමණ පාතාල රැල්ල හොඳ දෙයක් නොවේ..කුණුහරුප කියන ශ්‍රමණ යන්...බොරු මතවාද .,වගා සංග්‍රාම කාරයින්..දේශපාලන හිමිවරු.වෘර්තිය සමිති කාරයෝ..කෝටිපතියන් වාහන හිමියන් පවුල් කාරයන් ආගමට කරන්නේ බරපතළ හානි යක් ....
Samitha Senaka Aluthgamage. Wednesday, 01 March 2023 07:36 AM
උතුම් වූ බුද්ධ චීවරය දරාගෙන මෙවන් දේ සහ හොර මැරකම් ඇතුළු දුසිරිතෙහි යෙදෙන අය සාශනයෙන් නෙරපීම සඳහා සිල්වත් භික්ෂූන් වහන්සේලා ඒකරාශී වී පෙරට ආයුතු කාලය එළඹ ඇත.