IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ගොවීන්ට වන්දි ගෙවීම අරඹයි

 

(නිමල කොඩිතුවක්කු)

2020/21 මහ කන්නයේ වගා හානි ලබාදීම ආරම්භ කරමින් නැගෙනහිර පළාතේ ගෙවීන්  සඳහා වන්දි මුදල් ප්‍රදානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී අද (08) සිදුකෙරිණි.

මෙහිදී එක් අයෙකුට උපරිමය රුපියල් එක්ලක්ෂ අසූදහසක් වන පරිදි  ගොවීන් 150 දෙනෙකු සඳහා සංඛේතාත්මකව වන්දි මුදල් ප්‍රධානය කෙරිණ.

2020/21 මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන් හතළිස් දහසක් සඳහා රුපියල් කෝටි 128 ක මුදලක් බෙදා දීමට කටයුතු කරන බවත් එහිදී අදහස් දැක්වූ  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර පහකට ද අනෙකුත් බෝග වර්ග සඳහා අක්කර දෙකහමාරක් සඳහා ද  වන්දි ගෙවීම් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

පූර්ණ හානියක් සිදු වූ විට අක්කරයකට  රුපියල් හතලිස් දහසක වන්දි මුදලකුත් ඊට සමානුපාතිකව හානිය ප්‍රමාණය අනුව වන්දි ගණ්නයකොට ගෙවීමක් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වගා හානියක් සිදු වූ විට එම හානිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමෙන් පසු ගොවි සංවිධානයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත කමිටුවෙන් වගා හානි තක්සේරු කොට වන්දි ගණ්නය කර ගෙවීම් සිදුකරන බවද හෙතෙම පැවසීය.

වී, බඩඉරිඟු, සෝයා, අමුමිරිස්, ලොකු ලූනු, අර්තාපල් යන බෝග වර්ග හය සඳහා ස්වාභාවික හේතූන් ගෙන් සහ වන අලින් විසින් විනාශ කිරීමෙන් සිදුවන හානි සදහා සඳහා රක්ෂණ වාරිකය අය කිරීමෙන් තොරව මෙම වන්දි ප්‍රදානය සිදු කෙරේ.

ඒ අනුව මෙවර වන්දි මුදල් ලබා දීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයට රුපියල් කෝටි 32ක්, ත්‍රිකුණාමලයට රුපියල් කෝටි 17ක්, අනුරාධපුරයට රුපියල් කෝටි 12.5 ක්, මොනරාගලට රුපියල් කෝටි 11.9 ක්,  මන්නාරමට රුපියල් කෝටි 8.3 ක්, යාපනයට රුපියල්  කෝටි 7.2ක්,  අම්පාරට රුපියල්  කෝටි 6.3ක්,  පොළොන්නරුවට රුපියල් කෝටි 5.1ක්,  බදුල්ලට රුපියල් කෝටි 4.9 ක්, කුරුණෑගලට රුපියල්  කෝටි 4.8ක්, මුලතිව් දිස්ත්‍රික්කයට රුපියල්  කෝටි 3.1ක්, කිලිනොච්චියට රුපියල් කෝටි 2.9 ක් සහ අනිකුත් දිස්ත්‍රික්ක සඳහා රුපියල් කෝටි 12 ක මුදලක් වෙන් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. එල් බණ්ඩාරනායක, කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (9)

ගොවීන්ට වන්දි ගෙවීම අරඹයි

Sunil Tuesday, 08 February 2022 04:56 PM

මේ 2020/21 සිදුවූ හානි වලටනේ... 2021/22 මහකන්නයේ සිදුවූ මහා හානිවලට වන්දි ගෙවන්නේ කවදාද?

:       0       1

ගජමිතුරු Tuesday, 08 February 2022 07:53 PM

ආධාර ලැබුණු පිරිස් ඒ ඒ ගම්වල පොහොට්ටු සමිති වල සාමාජිකයන්ද සොයා බලන්න මම හිතන්නේ එහෙම නොවෙන්න බැහැ කියලා... හරියට දුන්නානම් නැගෙනහිර පළාතේ මිනිස්සු කොළඹට ගෙනේවිද?

:       0       2

Pradeep Kumara Wednesday, 09 February 2022 08:13 AM

රුපියල් වලින් නම් ඕනෑ තරමක් දෙන්න පුළුවන්නේ... මොකද කොල අච්චු ගහනවා, බෙදනවා. නමුත් පොහොර ගේන්න ඩොලර් කොළ අච්චු ගහන්න බෑනේ... මේක නම් මොළ හතක් නෙමෙයි, මොළ ගෙනාපු නැවක්...

:       0       13

Hafeel Wednesday, 09 February 2022 09:40 AM

මෝඩකමේ උපරිම... කිසිම වැඩපිළිවෙලක්වත් නොමැතිව, අසාර්ථක කාබනික පොහොර ක්‍රියාත්මක කරන්න ගිහින් ගොවීන්ව අමාරුවේ දාලා, දැන් මහජන මුදලින් වන්දි ගෙවනවා. චීන කුණු පොහොර සමාගමින් කලින් කොමිස් ලබා නොගත්තා නම්, අර වන්දිත් නොගෙවා ඉන්න තිබුණා. ඉතා අසාර්ථක ආණ්ඩුවක්...

:       1       21

jayath Wednesday, 09 February 2022 10:33 AM

මෝඩ තකතීරු අමන හරක් තීරණ අරගෙන වැඩේ අනාගත්තට පස්සේ වන්දි දෙනවා. ඔය කාබනික අමනකම හින්ද පෝර නැති හින්ද එළවලු එළවලු නැතුව හාල් නැතුව දුක් විදින මිනිස්සුනට වන්දි දෙනවද ? ඔය මේ චන්දෙ බලාහ්ගෙන කරන මගඩියක් නෙව අපේ මීහරක් ටිකත් වන්දිය අරගෙන පස්සසේ මුන්ටම කතිරේ ගහයි.

:       1       17

sam Wednesday, 09 February 2022 11:53 AM

ගොන් පාලකයෝ ලංකාවේ ගොවිතැන විනාශ කරලා පිටරටින් කොමිස් ගහන්න සහල් ගෙනැල්ලා දැන් වන්දි දෙනවා. අන්දරේගේ ආණ්ඩුව... ලැජ්ජයි යකෝ..!

:       0       15

Rakitha Wednesday, 09 February 2022 11:53 AM

කාබනික ගොවිතැන හොඳට කරපු අය ඉන්නවනේ. කම්මැලි කමට හෝ දේශපාලන හෝ කොම්පැනිවල අතකොලුවෙලා වගා නොකරපු සහ කුඹුරු ගිනි තියපු අයට දෙන්න එපා. මේවා රටේ හැම මනුස්සයාගේම සල්ලි...

:       16       4

Wileboda Wednesday, 09 February 2022 01:38 PM

ගොවියන්ට පොහොර සහ තෙල් වෙලාවට දුන්නා නම් ඔය සංදර්ශන අවශ්‍ය නැහැ.

:       0       4

shadm warn Wednesday, 09 February 2022 02:10 PM

ගොවියන්ට වන්දි දුන්නාම අපිට කන්න හාල්, එළවළු බැංකුවෙන් ගේන්නද කියන්නේ? වගාකරුවන් වගාකළ යුතුයි. අප ඒවා මිලට ගත යුතුයි. ඒකයි යාන්ත්‍රණය. වන්දි දෙන නිසා වගා නොකර ඉන්න තත්වයක් එන්න බැරි නැද්ද? කෘෂිකර්මාන්තය නැති භංගස්ථාන කරලා දැන් හත්පොලේ උලාගන්නයි යන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 445 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 211 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 456 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 22 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1366 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 813 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site