IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගොවීන්ට නොමිලේ දෙන යූරියා දෙසතියකින් එයි

(අංජුල මහික වීරරත්න)

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලාංකික  ගොවි ජනතාවට නොමිළේ ලබා දෙන  යුරියා පොහොරවලින්  මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000ක් ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කර තිබිණි.

මෙම යුරියා පොහොර තොගය අක්කරයකට වඩා අඩු කුඹුරු ප්‍රමාණයක් තිබෙන ගොවීන් 375,000කට එක් ගොවියෙකුට කිලෝග්‍රෑම් 50ක් බැගින්  නොමිලයේ ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරින් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසු  මහ කන්නය සඳහා යුරියා පොහොර නොමිලේ ලබා දීමට එකඟතාවය පළ කරනු ලැබීය.

එහි පළමු තොගය වශයෙන් මෙට්‍රික් 1000ක් ඉදිරි සති දෙක තුළ ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.



අදහස් (5)

ගොවීන්ට නොමිලේ දෙන යූරියා දෙසතියකින් එයි

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 26 August 2022 11:38 AM

අනේ දෙයියනේ වැඳලා කියන්නම් දේශපාලකයන් මාධ්‍යට කියන බ්‍රේක් නැති කතා ගෙඩි පිටින් දාන්න එපා. ඒ සඳහා ඇති සාක්ෂි සහ ලිපි ලේඛන ගැන ප්‍රශ්න කරන්න. තොරතුරු හොයලා බලලා පිළිගත හැකි සාක්ෂි ඇත්නම් පමණක් වාර්තා කරන්න. වගකීමක්, ගවේෂණයක් නැති මාධ්‍යක් අපට අවශ්‍ය නැහැ.

:       0       2

ABFriday, 26 August 2022 05:24 PM

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසු මහ කන්නය සඳහා යුරියා පොහොර නොමිලේ ලබා දීමට කිසිදු අවශ්‍ය තාාවයක්නොමැත. ඉන්දන, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ වෙනත් කටයුතු සඳහා වියදම් තිබේ. වරායේ සිට ගොවියාට ලබා දීම දක්වා ක්‍රියාවලියේදී අතර සිදුවන කටයුතු සදහා වියදම දරනු ලබන්නේ මහජන මුදල් වේ. එමනිසා රුපියල් 10.000කට මෙම පොහොර ලබාදීමට කටයුතු කල යුතුවේ. නැවත නොමිලයේ කිසිවක් ලබාදෙන ප්‍රකාශ දේශපාලකයන් විසින් ප්‍රකාශ නොකල යුතුවේ. යූරියා රටට නොමිලයේ ලැබෙන්නට ඇත. නමුත් ගොවීන්හට නොමිලයේ ලබාදිය යුතු නැත. යලිත් "නොමිලයේ " කියන්නාවූ වචනය දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ට තහනම් වචනයක් බවට පත්කළ යුතුවේ.

:       0       0

D P P Prasad Friday, 26 August 2022 12:00 PM

අක්කරයකට අඩු ඉඩම් ප්‍ර්‍රමාණයක් හිමි කුඔුරු ගොවීන්ට නොමිලේ පොහොර ලබාදීම සම්බන්ධව සතුටුවිය හැකිවුවත් අනෙකුත් උඩරට හා පහතරට එළවළු ගොවීන් මෙන්ම තේ ගොවීන් සඳහාද රජය යම් අනුග්‍රහයක් දක්වා කටයුතු කළ යුතුයි. තේ වගාව යනු රටට විදේශ විනිමය ළඟාකර දෙන ආර්ථික වගාවකි. ඒ ආකාරයටම එළවළු රටවැසියන්ගේ දෛනික ආහාර රටාව පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයකි. මෙම වගාවන් යම් මට්ටමකට නගාසිටුවීමට කටයුතු කළහොත් දැනට පවතින ආර්ථිකමය අහිතකර තත්වයන් යම් මට්ටමකට යාමනය කරගත හැකිය...

:       0       5

ravin Friday, 26 August 2022 12:22 PM

යූරියා සම්පූර්නයෙන්ම රටේ නැතිවූ අවස්ථාවේදී සමහරුන්ගේ ගොවිපළවල්වල මිටි 300-400 තිබිලා හම්බවුණා කියලා මාධ්‍යතුළින් දැක්කා. මේ ටිකත් ඒගොල්ලෝ වගේ උදවිය දාගනීද?

:       1       4

de silva Friday, 26 August 2022 03:41 PM

කොටසකට ‌නොමිලේ දෙන්න අවශ්‍ය නැහැ. සාධාරණ මිලකට පොහොර අඛණ්ඩව සියළුදෙනාටම ලැබෙන්න සලස් වන්න. නොමිලේ දෙන ඒවා අන්තිමට නවතින්නේ ඇමතිලාගේ ගෙවල් වල සහ ගබඩා වල.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 561 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 231 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site