IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් ආසාදිතයන් 10000ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන පළමු වතාවට අද (12) 10000 ඉක්මවා ගියේය.
 
ඒ අනුව ඉන්දියාවෙන් අද (12) පස්වරු 5න් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,956ක් වූ අතර එය දිනක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද විය.
 
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,97,535කි.
 
ඉන්දියාව ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර සිවුවැනි තැනට පත්ව ඇති අතර එක්සත් රාජධානිය ද පසු කර ගොස් ඇත.
 
ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන 1,41,842ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ ගණන 1,47,195කි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 396ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 8,498ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 97,648ක් වන අතර තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 38,716කි. දිල්ලියෙන් ආසාදිතයන් 34,687ක් ද ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 22,032ක් වාර්තා වේ.


දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ පාකිස්තානයයි. පාකිස්තානයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,933ක් ලෙස දැක්වුණු අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 78,052කි.
 
එන්.ඩී.ටීවී.
 - 055  



අදහස් (2)

ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් ආසාදිතයන් 10000ක්

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 June 2020 04:28 AM

ඉන්දියාවේ මේ අයුරින් ආබාධිතයින් වැඩිවීම අපටද ඉතා අහිතකර ආකාරයකට බලපෑමට හැකියි. ඒ කෙසේද යත්, අපේ රටට ඉන්දියානු බෝට්ටු මගින් කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රහසිගතව ගේනවා. ධීවර බෝට්ටු මගින් මේවා රට තුළට ගෙනෙනාවිට ඒ සමග කොරෝනා ඒමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා මේ ගැන මීට වඩා දැඩි පියවරක් අනුගමනය කළ යුතුයි. මේ සංවිධානාත්මක නීති විරෝධී ව්‍යාපාරය පිටුපස ප්‍රබලයින් සිටිනවා වෙන්නට පුළුවන්... මේවාට ඉක්මණින්ම නිසි ප්‍රතිකාර අවශ්‍ය යුතු මොහොතක තමයි අප මේ ජීවත්වන්නේ...

:       0       1

සාලිය Saturday, 13 June 2020 10:35 AM

අපෙ රටේ කොවිඩ් මර්දනය කොතරම් සාර්ථකද කියා තේරෙනවා ද?

:       103       344

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site